වසර 42කට පසු පාර්ලිමේන්තු සංකීර්ණය පිළිසකර කරයි

දශක හතරකට පසුව ‍ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයෙහි මහා පරිමාණයෙන් සිදුවන අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්හ කර තිබේ. වසර 42කට අධික කාලයකට පසුව මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ආරම්භ කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහල (Roof Terrace) මත තිබෙන පස් තට්ටුව ඉවත්කොට අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරේ. එමෙන්ම වැහිපීලි (Roof Gutters), තඹ දොර (Copper Door), පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය (Parliament Medical Center), වැසිකිළි පද්ධතිය (Washrooms) සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේකාගරයේ (Members Dressing Room) අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට නියමිතයි.

මෙයට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ සුළු නඩත්තු කටයුතු, සම්බන්ධීකරණ ඉන්ජිනේරු දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ ද මෙම මහා පරිමාණ අලුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරනු ලබයි.

කාලීන පුවත්