වසරේ මේ දක්වා දුම්රිය පීලි පැනීම් 71ක්

වසරේ මේ දක්වා කාලයේ දුම්රිය පීලි පැනීම් 71 ක් සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.මේ අතරින් මගී දුම්රිය පීලි පැනීම් 36 ක් සිදු වී ඇති අතර දුම්රිය අංගණවලදී සිදු වූ පීලි පැනීම් ගණන 35 කි.

දුම්රිය මාර්ගවල පීලි දිරාපත් වීම හා මාර්ග නඩත්තුව නිසි පරිදි සිදුනොවීම පීලි පැනීම්වලට හේතු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.දුම්රිය දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පසුගිය 2024 වසරේ මගී දුම්රිය 64 ක් ඇතුළු පීලි පැනීම් 101 ක් ද, 2023 වසරේදී මගී දුම්රිය 90 ක් ඇතුළු පීලි පැනීම් 139 ක්ද, 2022 වසරේදී මගී දුම්රිය 93 ක් ඇතුළු පීලි පැනීම් 132 ක්ද සිදුව ඇත.

කාලීන පුවත්