
මෙවර පෙබරවාරි 14 වැනිදා ගෙවී ගියේ මීට දශකයකට පමණ පෙර අප දුටු “වැලන්ටයින් උමතුව” (Valentine Mania) යම් තරමකට මල්ඵල ගැන්වී හෝ නිවී ගිය ස්වරූපයක් දක්වමින් බව මා හා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ සරසවි ශිෂ්‍ය ප්‍රජාවේ හා තවත් පාර්ශ්ව කිහිපයක බහුතර මතය විය. මල් කළඹවල්, ටෙඩී බෙයාර් රූප සහ විසිතුරු තෑගි භාණ්ඩවලින් පිරී ඉතිරී ගිය වෙළඳසැල් අබියස වෙනදා මෙන් තරුණ තරුණියන් පොදි ගැසී සිටිනු දක්නට ලැබුණේ අඩුවෙන් බව පවසා සිටි සරසවි සිසුන්, එම ක්‍රියාවන් හඳුන්වන ලද්දේ “සිඟිති ආතල්” යන ජනප්‍රිය පොදු වහරිනි. ඒ අනුව මෙය හුදෙක් ආර්ථික අර්බුදයක ප්‍රතිඵලයක්ද, නැතිනම් මෙරට තරුණ විඥානයේ සිදුවෙමින් පවතින සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක්ද යන්න ගැඹුරින් විමසා බැලිය යුතුව ඇත.
ආදරය යනු දෙහිතක් අතර ඇති වන ආධ්‍යාත්මික අගයකින් යුතු ස්නිග්ධ භාවයන් සමුදායක් මිස, වෙළඳපොළේ මිල නියම කරන භාණ්ඩමය ගනුදෙනුවක් නොවන බව වත්මන් තරුණ පරපුරේ යම් ප්‍රමාණයක් හෝ කෙමෙන් වටහා ගනිමින් සිටින බව පෙනේ. ඔවුන් පවසන්නේ ආදරය යනු සමාජයීය ආටෝපය පිණිස ප්‍රදර්ශනය කළ යුත්තක් නොව, අන්‍යෝන්‍ය අවබෝධය මත ගොඩනැගිය යුත්තක් බවයි.
දඹදෙණි යුගයේ ලියැවුණු කව් සිළුමිණ කෘතියේ එන “සැලමුතු නුගි නුරා – පලමුතු හසින් සැදි” යන සඳහන මෙහිදී සිහිපත් කිරීම අතිශය උචිත ය. ඉන් අදහස් වනුයේ “චපල නොවන, ස්ථිර වූ අනුරාගයෙන් යුත්” හදවතක් පිළිබඳවයි. නමුත් එය මේ වන විට ප්‍රායෝගික සමාජ යථාර්ථයක් නොවන බව බොහොමයකගේ මතය වී තිබිණි. නමුත් ආදරය යනු දෙහිතක් අතර ඇති වන ආධ්‍යාත්මික අගයකින් යුතු ස්නිග්ධ භාවයන් සමුදායක් මිස, වෙළඳපොළේ මිල නියම කරන භාණ්ඩමය ගනුදෙනුවක් නොවන බව වත්මන් තරුණ පරපුරේ යම් ප්‍රමාණයක් හෝ කෙමෙන් වටහා ගනිමින් සිටින බව පෙනේ. ඔවුන් පවසන්නේ ආදරය යනු සමාජයීය ආටෝපය පිණිස ප්‍රදර්ශනය කළ යුත්තක් නොව, අන්‍යෝන්‍ය අවබෝධය මත ගොඩනැගිය යුත්තක් බවයි.

මෑත ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී, 1960 දශකයේ අග භාගය සහ 1970 දශකයේ මුල් භාගය තුළ මෙරට තරුණ පරපුර සතු වූයේ ඉතා පුළුල් සමාජ විඥානයකි. එවක බිහි වූ සාහිත්‍ය, කලා සහ සිනමා නිර්මාණ දෙස බැලීමේදී තරුණ චින්තනය සමාජ ප්‍රගතිය සහ මානුෂීය වටිනාකම් කෙරෙහි කෙතරම් බද්ධ වී තිබිණි ද යන්න පැහැදිලි වේ. නමුත් 1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමයත් සමඟ එම සමාජ පුරුෂාර්ථ සියල්ල උඩුයටිකුරු විය. ඒ දක්වා අප සමාජයේ ව්‍යවහාර වූ “සල්ලි දෙවියන්ගේ මල්ලි” යන පිරුළ, මුදලට සියල්ල යටත් කළ හැකි බව පවසන “සල්ලි දෙවියන්ගේ අයියා” හෝ ම දෙවියන්ම වන මට්ටමට විපරීත විය. මෙහි ‘දෙවියන්’ යනු ආධ්‍යාත්මික සදාචාරය වූ අතර, ‘සල්ලි’ යනු හුදු භෞතික පරිභෝජනයයි. පසුව ලොව පුරා ප්‍රචලිත වූ නව ලිබරල්වාදී ප්‍රවාහය තුළ මව්පිය ගුණ පවා අලෙවි ප්රචාරක උපක්‍රම බවට පත් වූ අතර, වැලන්ටයින් දිනය ද මෙම අධි-පරිභෝජනවාදී උප්පරවැට්ටියේ ප්‍රධාන ගොදුරක් බවට පත් විය.
පසුගිය දශක කිහිපය තුළ වේගයෙන් ව්‍යාප්ත වූ මධ්‍යම පන්තිය තුළ නිර්මාණය වූ අතීරණාත්මක තරඟය, වැලන්ටයින් සැමරුම් විවිධාංගීකරණය වීමට තල්ලුවක් ලබා දුන් බව අතිශයින් පැහැදිලි ය. තමන්ගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට ලබා දෙන තෑග්ගේ වටිනාකම මත තමන්ගේ ආදරයේ ප්‍රමාණය තීරණය වන බව ඇදහූ පරම්පරාවක් නිර්මාණය කිරීමට ගෝලීය වෙළඳ ප්‍රජාව සමත් විය.
කෙසේ වෙතත්, වත්මන් සමාජ-ආර්ථික වටපිටාව තුළ මෙම තත්ත්වය යම් තරමකට වෙනස් වෙමින් පවතී. නව ලිබරල්වාදී ධනෝපායන මාර්ග අසීරුවීමත් සමඟ, තමන් ද ඉදිරියේදී බිහිවිය හැකි “නව දිළිඳු පන්තියකට” (New Poor Class) අන්තර්ග්‍රහණය වේදෝ යන අනියත බියක් තරුණ පෙළ තුළ ව්‍යාප්ත වෙමින් පවතී. මේ නිසා නාස්තිය වෙනුවට අරපිරිමැස්ම තම ජීවන විලාසිතාව කර ගැනීමට ඔවුන් පෙළඹී ඇත.

වර්තමාන තරුණ තරුණියන් බොහෝ දෙනෙකු මිල මුදල් පදනම් කරගත් ආටෝපකාරී සැමරුම්වලින් දුරස් වීම හුදෙක් මුදල් නොමැතිකම නිසාම සිදුවන්නක් නොවේ. එය තම ජීවිතය සහ සබඳතා පිළිබඳව ඔවුන් නැවත වරක් ස්වයං විවේචනයක යෙදීමේ ප්රතිඵලයකි. වෙළඳ ලෝකයේ ප්රචාරක උපක්රමවලට හසු නොවී, ආදරයේ නාමයෙන් සිදු කරන අර්ථ විරහිත නාස්තිය පිටුදැකීමට ඔවුන් දක්වන උනන්දුව අගය කළ යුතු ය.
වර්තමාන තරුණ තරුණියන් බොහෝ දෙනෙකු මිල මුදල් පදනම් කරගත් ආටෝපකාරී සැමරුම්වලින් දුරස් වීම හුදෙක් මුදල් නොමැතිකම නිසාම සිදුවන්නක් නොවේ. එය තම ජීවිතය සහ සබඳතා පිළිබඳව ඔවුන් නැවත වරක් ස්වයං විවේචනයක යෙදීමේ ප්රතිඵලයකි. වෙළඳ ලෝකයේ ප්රචාරක උපක්රමවලට හසු නොවී, ආදරයේ නාමයෙන් සිදු කරන අර්ථ විරහිත නාස්තිය පිටුදැකීමට ඔවුන් දක්වන උනන්දුව අගය කළ යුතු ය. එමෙන්ම මෙය වැලන්ටයින් දිනයට පමණක් සීමා කරගත යුත්තක් ද නොවේ.
කෙසේ හෝ සමාජයීය පුරුෂාර්ථ සහ ආධ්‍යාත්මික ගුණය නැවත වටහා ගන්නා තරුණ පරපුරක් බිහිවීම අතිශය සාධනීය කරුණකි. නමුත් එය මෙවන් එක් සංසිද්ධියකින් පමණක් විශ්ලේෂණය කළ හැක්කක් නොවේ. එවැන්නක් සිදුවේ නම් එය හුදෙක් ආදරය සම්බන්ධයෙන් පමණක් නොව, මුළුමහත් රටේම අනාගතය කෙරෙහි යහපත් බලාපොරොත්තුවක් දල්වන්නකි. සැබෑ ආදරය මිල කළ හැක්කේ රතු රෝස මලක මිලෙන් නොව, හදවත් දෙකක් අතර පවතින අවංක විශ්වාසය සහ කැපවීම මත පමණක් බව නූතන තරුණ පරපුර වටහා ගැනීම මතු සමාජ යහපැවැත්මට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි මට සිතෙයි.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය