වැලිගම ලසන්තට වැදුණු වෙඩිල්ල සහ මහජන ආරක්ෂක ඇමතිගේ පාර්ලිමේන්තු දෙඩවිල්ල – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ඉකුත් 22 වන දා මුළු රටම රත්කරමින් දකුණේ වැලිගම පත්තු වූ වෙඩි නිසා එහි ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය විය. ඔහු ඝාතනය කෙරුණේ ඔහු මහජන නියෝජිතයෙකු ලෙස සභාපති තනතුර දැරූ ප්‍රාදේශීය සභාවේ නිල කාමරය තුළදීම ය. සුපුරුදු ලෙස ඔහුගේ ඝාතනය කෙලින්ම බැරවුණේ නාඳුනන තුවක්කුකරුවාට ය. දැන් සැලකිය යුතු තරම් කාලයක සිට මේ නාඳුනන තුවක්කු කරුවන් විවෘත සමාජයේ විවිධ තරාතිරම් වලට අයත් පුද්ගලයන් ඝාතනය කිරීම මෙරටට සුපුරුදු සිදුවීමකි. මගේ මතකයේ හැටියට මේ නාඳුනන තුවක්කුකරු භූමිකාව මුලින්ම සමාජ කරළියට ආවේ 1986 විතර ඈත අතීතයේ ය. ඒ කාලයේ නාඳුනන තුවක්කුකරුවෝ රටේ විවිධ ප්‍රදේශවල දේශපාලන ක්‍රියාකාරිකයන් ඝාතනය කිරීමෙන් ආරම්භ වුණු මේ ඝාතන ක්‍රමවේදය පසුව බොහෝ පිරිස් කෙරෙහි ක්‍රියාත්මක කෙරුණු බව අපට මතක ය. ඒ අනුව එක්තරා කාලයක උච්චතම ස්ථානයට පත්වූ නාඳුනන තුවක්කුකරුවන්ගේ ක්‍රියාව නිසා අඩුතරමින් හත් අට දාහක් ජීවිත නැති වූ බව ද අපට මතක ය.එමෙන්ම ඒ නාඳුනන තුවක්කු කරුවා හොයන්නට දැරූ උත්සාහය නිසා තවත් තිස් හතළිස් දහසක් පරලොව ගිය බව ද මෙහි ලා සිහිපත් කළ යුතුව ඇත. ඒ නිසා මේ නාඳුනන තුවක්කුකරුවන්ට බැර කෙරී සිදුවන ඝාතන ගැන වඩාත් තියුණු අන්දමින් ක්‍රියාත්මක වීම හරහා ඒවා මැඩ පැවැත්වීමට ක්‍රියා කිරීම ජාතියේ යහපතට හේතුවක් වන බව ආරම්භයේදීම සටහන් කළ යුතු ය.

වැලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය පිළිබඳව ඉකුත් 22 දා පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයේ දී ඊට මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල දැක්වූ ප්‍රතිචාරය ඒ ඝාතනයටත් වඩා බියකරු ය. ඇමතිවරයා සිය ප්‍රකාශය පටන් ගනිමින් ඝාතනය වූ සභාපතිවරයාගේ “ලසන්ත වික්‍රමසේකර නොහොත් මිදිගම ලසා” යනුවෙන් සඳහන් කළේ එය අසන අය තුළ මේ තැනැත්තා නම් අපරාධකරුවෙකැයි යන අදහස කා වැද්දවීමේ බාල බොළඳ ක්‍රමෝපායක් ලෙස බව පෙනේ.

වැලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය පිළිබඳව ඉකුත් 22 දා පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයේ දී ඊට මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල දැක්වූ ප්‍රතිචාරය ඒ ඝාතනයටත් වඩා බියකරු ය. ඇමතිවරයා සිය ප්‍රකාශය පටන් ගනිමින් ඝාතනය වූ සභාපතිවරයාගේ “ලසන්ත වික්‍රමසේකර නොහොත් මිදිගම ලසා” යනුවෙන් සඳහන් කළේ එය අසන අය තුළ මේ තැනැත්තා නම් අපරාධකරුවෙකැයි යන අදහස කා වැද්දවීමේ බාල බොළඳ ක්‍රමෝපායක් ලෙස බව පෙනේ. ඉහත පරිදි නම සමග නොහොත් යොදා කෙටි නමක් ඇත්තේ බොහෝ විට අපරාධකරුවන්ට ය යනුවෙන් සමාජ මතයක් පවතී. එසේ අසන්නන් තුළ මොහු අපරාධකරුවෙකි යන අදහස ඇති වූ පසු ඒ ඝාතනය සමාජය ඉදිරියේ සාධාරණීකරණය වෙතැයි මහජන ආරක්ෂක ඇමති වරයා සිතුවා වන්නත් පුළුවන. මේ කවර අදහසකින් එසේ ප්‍රකාශ කළත් පුද්ගලයෙකු ඝාතනය වූ පසු රජය වෙනුවෙන් ඒ ඝාතනය අරබයා කරන ප්‍රකාශයක ඝාතනය වූ තැනැත්තා හැඳින්වීමේදී ඔහුගේ නම සමග අනෙකුත් අපහාසාත්මක හෝ උපහාසාත්මක නම් සඳහන් කිරීම ශිෂ්ට සම්පන්න නොවේ. එය ශිලාචාර සමාජයක සැලකෙන්නේ මළවුන්ට කළ බලවත් අපහාසයක් නිගරුවක් ලෙසටයි.

අමාත්‍යවරයා ඊළඟට කෙලින්ම ලසන්ත වික්‍රමසේකර පාතාල අපරාධකරුවෙකු බවත් ඔහුට එරෙහිව නඩු හයක් අධිකරණවල පවතින බවත් සඳහන් කරමින් ඒ ගැන විස්තරයක් ද කරන ලදී.නමුත් යමෙකු අපරාධකරුවෙකු ලෙස හැඳින්වීමට නම් ඔහු අධිකරණය ඉදිරියේ වරදකරු බවට පත්වී තිබිය යුතුම ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 පරිච්ඡේදයේ 13 වන ව්‍යවස්ථාවේ (5) අනු ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් කර ඇත්තේ වරදකරුයැයි ඔප්පු කරන තෙක් සෑම තැනැත්තෙකුම නිර්දෝෂීයැයි පූර්වානුමාන කළ යුත්තේ ය යනුවෙනි. එසේ වුව ද රාජ්‍ය ආයතනයකදී සිය රාජකාරී කාමරය තුළ කෲර ලෙස ඝාතනයට ලක්කෙරුණු මහජන නියෝජිතයෙකු වන ලසන්ත වික්‍රමසේකර ගේ ඒ අයිතිය මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල විසින් බරපතල ලෙස උල්ලංඝනය කරනු ලැබුවේ අධිකරණයේ නඩු පවරා ඇති මුත් අධිකරණය ඉදිරියේ වරදකරු බවට පත්වී නොමැති පුද්ගලයකු අපරාධකරුවෙකු ලෙස උත්තරීතර පාර්ලිමේන්තුවේ දී හැඳින්වීමෙනි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුව තම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බවට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කරන බවට ප්‍රතිඥා දී වැඩ ඇරඹූ ආනන්ද විජේපාල ඇමතිවරයා ඉකුත් 22 වන දා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ සිය ප්‍රතිඥාව කඩ කොට තිබේ . ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටකදී සමාජයක දී නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කළ හා සිය ව්‍යවස්ථානුකූල සේවාරම්භක ප්‍රතිඥාව කඩ කළ ඇමතිවරයෙක් ඉල්ලා අස්විය යුතු ය.
ඊළඟට මේ ඇමතිවරයාගේ ප්‍රකාශයේ දැක්වුණේ ඉන්දුනීසියාවෙන් රැගෙන ආ අපරාධකරුවන්ගේ ප්‍රකාශ වලින් මේ ඝාතනයට ලක්වූ සභාපතිවරයා ළඟ අවි ආයුධ තිබෙන බවත් ඔහු මත් ද්‍රව්‍ය ජාවාරම හරහා මුදල් උපයන බවටත් තොරතුරු අනාවරණය වූ බව ය. මේ ප්‍රකාශයෙන් හෙළිවෙන්නේ තවත් භයංකර තොරතුරකි. ඉන්දුනීසියාවෙන් අල්ලාගෙන ආ අපරාධකරුවන් ලෙස ප්‍රසිද්ධ කර ඇති අයගෙන් ප්‍රශ්න කිරීම්වල දී හෙළිදරව් වන තොරතුරු මොනවාදැයි මෙතෙක් අධිකරණයකට වාර්තා කළ බවක් දැන ගන්නට නැත. ඒ ඔවුන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බැවිනි. මොවුන් හෙළි කරන තොරතුරු මත වැටලීම් කර ඔවුන්ට සහය දුන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම කරනු ඇතැයි යන්න සාමාන්‍ය මහජනතාවගේ විශ්වාසයයි. එසේ වුවද ආනන්ද විජේපාල ඇමතිවරයා කළ ප්‍රකාශය අනුව මෙසේ හෙළි කරන තොරතුරු මත අදාළ පුද්ගලයන් සියල්ල අත්අඩංගුවට නොගන්නා බව ද පැහැදිලි වෙයි.

ලසන්ත වික්‍රමසේකර සතුව නීති විරෝධී ආයුධ තිබෙන බවට හෙළිදරව්වක් ප්‍රශ්න කිරීම්වලදී ලැබුණේ නම් ඔහු අත්අඩංගුවට නොගත්තේ ඇයිදැ යන ප්‍රශ්නය සාධාරණ අයෙකුට ඇතිවේ. එක්කෝ ආනන්ද විජේපාල ඇමතිවරයා භාරයේ ඇති පොලිසිය නොසැලකිලිමත්ය. නැතිනම් පොලිසිය තමන් වෙත ලැබෙන තොරතුරුවලින් තෝරාගත් ඒවා මත පමණක් ක්‍රියාත්මක වෙයි. අනෙකුත් තොරතුරු වලට අදාළ සැකකරුවන් ගැන ක්‍රියාත්මක වන වෙනත් ප්‍රතිපත්තියක් තිබේද? පසුගිය දිනවල අපරාධකරුවන් යැයි සැලකෙන අය ඝාතනය වුණු අන්දම අනුව මෙසේ පොලිසියට හෙළිදරව් වෙන තොරතුරු අපරාධකරුවන් අතට කාන්දු වීමක් තිබෙනවාද? එසේ නැත්නම් අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමේ වෙනත් ප්‍රමුඛතාවක් ක්‍රියාත්මක වෙනවාද? ආදී සැක සංකා රාශියක් ඔහු ගේ මේ ප්‍රකාශයෙන් මතුවේ.

ලසන්ත වික්‍රමසේකර සතුව නීති විරෝධී ආයුධ තිබෙන බවට හෙළිදරව්වක් ප්‍රශ්න කිරීම්වලදී ලැබුණේ නම් ඔහු අත්අඩංගුවට නොගත්තේ ඇයිදැ යන ප්‍රශ්නය සාධාරණ අයෙකුට ඇතිවේ. එක්කෝ ආනන්ද විජේපාල ඇමතිවරයා භාරයේ ඇති පොලිසිය නොසැලකිලිමත්ය. නැතිනම් පොලිසිය තමන් වෙත ලැබෙන තොරතුරුවලින් තෝරාගත් ඒවා මත පමණක් ක්‍රියාත්මක වෙයි. අනෙකුත් තොරතුරු වලට අදාළ සැකකරුවන් ගැන ක්‍රියාත්මක වන වෙනත් ප්‍රතිපත්තියක් තිබේද? පසුගිය දිනවල අපරාධකරුවන් යැයි සැලකෙන අය ඝාතනය වුණු අන්දම අනුව මෙසේ පොලිසියට හෙළිදරව් වෙන තොරතුරු අපරාධකරුවන් අතට කාන්දු වීමක් තිබෙනවාද? එසේ නැත්නම් අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමේ වෙනත් ප්‍රමුඛතාවක් ක්‍රියාත්මක වෙනවාද? ආදී සැක සංකා රාශියක් ඔහු ගේ මේ ප්‍රකාශයෙන් මතුවේ.
අපරාධකරුවන් යැයි අත්අඩංගුවට ගත් අය ආයුධ පෙන්වීමට ගෙන ගිය පසු ඝාතනය වීමේ සිද්ධීන් රැසක් සිදුවූ සමාජයක දැන් ඒ තත්වය දක්නට නොලැබුණත් නීත්‍යානුකූල නොවන වෙනත් අන්දමකට සැකකරුවන් පිළිබඳව කටයුතු සිදු වන්නේද යන සැකය වුවත් මතුවීමට තරම් මේ ප්‍රකාශය බරපතල බව ඇමතිවරයා තේරුම් නොගත්තේද? මේ ආණ්ඩුව බලයට පත්වූ දින පටන් ආණ්ඩුවේ ඇත්තන් කරන ලද ආණ්ඩුවට හානිදායක ප්‍රකාශයන් සියල්ලම අභිබවමින් ප්‍රමුඛ ස්ථානයට පත්වීමට ආනන්ද විජේපාල අමාත්‍යවරයාගේ ප්‍රකාශය සමත් වූ බව මගේ අදහසයි. තම විෂය පථය වන මහජන ආරක්ෂාව රෙද්ද පල්ලෙන් බේරීම වළකා ගැනීමට වුව ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ එම ප්‍රකාශය එතරම් අවැඩ දායක ය.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර