විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය 15වැනිදා

විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය සැපු්තැමබර් මස කළ යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය මෙම මස තුන්වැනි සතියේ නිවේදනය කරන බවත් එම නිවේදනය මෙම මස 15 වැනිදා කිරීමට වැඩි අවස්ථාවක් ඇති බවත් එම කොමිෂමේ උසස් නිලධාරියෙක් පවසනලදි.

එම විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව වන ක්‍රියාවලියේ මහජන අදහස් විමසීම මේ වන විට ක්‍රියාත්මක වන බවත් එහි අවසන් සැසිය වන බස්නාහිර පළාත් රැස්වීම මෙම මස 8 වැනිදා පැවැත්වීමෙන් පසුව ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තිරණය ගන්නා බවත් එම නිලධාරියා සඳහන් කරනලදි.

මෙම ගාස්තු සංශෝධනයේදී විදුලිබල පනතට සහ විදුලි ගාස්තු මිල සූත්‍රයට අනුව කටයුතු කරන බව කී එම නිලධාරියා ඒ අනුව විදුලිබල මණ්ඩලය අවසන් වශයෙන් කළ යෝජනාවේ වියදම් ඇස්තමේන්තු කීපයක් පිළිබඳව දැඩි අවදානය යොමු වී ඇති බව ද සඳහන් කරයි.

කාලීන පුවත්