විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට

වයස අවුරුදු 65ට අඩු විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන්, කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට බඳවා ගැනීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක සඳහන් කළේ පළමු පෙළ ජේලර්, දෙවැනි පෙළ ජේලර්, සැරයන්, නියාමක, හෙද සහ ඖෂධ සංයෝජක තනතුරු සඳහා එලෙස කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීම් සිදු කරන බවයි.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්