මහකන්නයේ වී මිලදී ගන්නා අවම මිල රජය ප්‍රකාශයට පත් කර තිබේ. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පැවසුවේ,
නාඩු වී 1Kg රුපියල් 120කටත්
සම්බා සහල් 1Kg රුපියල් 130කටත්
කීරි සම්බා 1Kg රුපියල් 140කටත්
මිලදී ගන්නා බවයි. ඔහු මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මේ වනවිටත් රජය වී ටොන් 5,000ක් පමණ මිලඳීගෙන ඇතැයි ද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කරයි.