ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ. එනම් 7 වන ස්ථානය දක්වා පැමිණ ඇත.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවති තරඟයේදී බංග්ලාදේශයට එරෙහිව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව, නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පාකිස්තානය 8 වන ස්ථානය දක්වා පසුපසට ගොස් ඇත.