ශිෂ්‍යත්ව අභි­යා­චනා 22වනදා දක්වා online ඔස්සේ

2025 පහ වසර ශිෂ්‍යත්ව විභා­ගයේ අභි­යා­චනා උත්තර පත්‍ර පරී­ක්ෂාව සඳහා අද සිට මේ මස 22 වැනිදා දක්වා මාර්ග­ගත ක්‍රම­වේ­දය ඔස්සේ අභි­යා­චනා කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව දැනුම් දෙනලදි.

මේ සඳහා විභාග අපේ­ක්ෂ­කයා ඉගෙ­නුම ලබන පාසලේ විදු­හ­ල්පති විසින් පාසල වෙත ලබාදී ඇති පරි­ශී­ලක නාමය හා මුර­ප­දය භාවිත කර onlineexams.gov.lk දරන වෙබ් අඩ­වියේ SCHOOL LOGIN වෙත පිවිස අභි­යා­චනා ඉල්ලීම් ඉදි­රි­පත් කළ හැකියි.

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රති­ඵල පසු­ගිය 03 වැනිදා රාත්‍රියේ නිකුත් කරනලදි.

කාලීන පුවත්