සංචාරක කර්මාන්තය සඳහා ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් ලියාපදිංචි විය යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින්.
සංචාරක කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට https://tourismfuel.sltda.gov.lk/ යන සබැඳිය ඔස්සේ තොරතුරු ලබාදීමට හැකියාව ඇත.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පෝරමය පිරවීම සඳහා Gmail ගිණුමක් භාවිත කිරීම අනිවාර්ය බවයි.
