සජිත් ප්‍රේමදාස අලි මිනිස් ගැටුම වලක්වන්න වේල්සයේ කුමරුගෙන් උදව් පැතීම


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් අතර හමුවක් පසුගිය 26 වන දා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.එහි දී විපක්ෂ නායක වරයා විසින් මෙරට අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා සහයෝගය ඉල්ලමින් වේල්සයේ කුමරු වන විලියම් කුමරුන් වෙත යොමු කිරීමට සකස් කළ ලිපියක් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා වෙත භාර දෙන ලදී. මෙම ලිපිය මඟින් විපක්ෂ නායක වරයා විශාලතම ආසියානු අලි ගහණයන්ගෙන් එකක් වන ශ්‍රී ලංකාවේ නිදහස් වන අලි ආරක්ෂා කිරීම සඳහා වේල්සයේ කුමරුගේ මිල කළ නොහැකි සහයෝගය ඉල්ලා තිබේ.

“එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ අද්විතීය වනජීවීන් සහ ජෛව විවිධත්වය බෙහෙවින් අගය කරනවා. වන අලි ආරක්ෂා කිරීම, ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයටම අත්‍යවශ්‍ය කරුණක්. එබැවින් මෙම මුලපිරීම කාලෝචිත හා අත්‍යාවශ්‍ය එකක් බැවින් වන අලි සංරක්ෂණය සහ සහජීවනය සඳහා කල් පවතින විසඳුම් සෙවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තුළ ඇති කැපවීම අගය කරනවා.” ඉහත සඳහන් හමුවීම හා ලිපිය භාර දීම සම්බන්ධයෙන් සියල්ලට පළමුව කිව යුතු දෙයක් තිබේ.එනම් මෙය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ගැයෙන දේශපාලන ප්‍රශස්තියක් නොවන බව ය.ඔහු ගේ හොඳ හෝ නරක දේශපාලනික ක්‍රියාකාරකම් මෙතැනට අදාල නැත.අප විමසුමට ලක් කරනුයේ මෙම සංසිද්ධිය පමණි.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සෑම වසරකම අලි මරණ 400 කට අධික සංඛ්‍යාවක් සහ මිනිස් මරණ 150 කට අධික සංඛ්‍යාවක් සිදුවෙමින් දිනෙන් දින උග්‍රවන අලි මිනිස් ගැටුම වැළැක්වීම පිණිස විද්‍යාව පදනම් කරගත් ජාතික සංරක්ෂණ උපාය මාර්ගයක හදිසි අවශ්‍යතාව ද විපක්ෂ නායකවරයා මෙමඟින් ඉස්මතු කොට තිබීම විශේෂත්වයකි. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ මෙම ප්‍රකාශය ද ඉතා වැදගත් ය,. “ශ්‍රී ලංකාවේ අලි ඇතුන් අපගේ ජාතික උරුමයක් පමණක්ම නොවේ, ඔවුන් ගෝලීය ජෛව විවිධත්වය සතු නිධානයකි. එබැවින් වේල්සයේ කුමරුගේ නායකත්වය සහ සංරක්ෂණ ජාලය සමඟින්, අපට වනජීවීන් සහ අපගේ ප්‍රජාවන් සඳහා තිරසාර අනාගතයක් ගොඩනගා ගත හැකිය.” ඒ අනුව දිගුකාලීන, තිරසාර රාමුවක් යටතේ සංරක්ෂණ විශේෂඥයන්, දේශීය ප්‍රජාවන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් එකට එක් කරගත් ජාතික අලි සංරක්ෂණ සහ සහජීවන මුලපිරීමක් ( National Elephant Consevation and Coxistence Intiative_NECCI) පිහිටුවීමට සහයෝගය ලබා දෙන ලෙස ද ඔහු මෙම ලිපිය මතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් ද ඊට මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ “එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ අද්විතීය වනජීවීන් සහ ජෛව විවිධත්වය බෙහෙවින් අගය කරනවා. වන අලි ආරක්ෂා කිරීම, ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයටම අත්‍යවශ්‍ය කරුණක්. එබැවින් මෙම මුලපිරීම කාලෝචිත හා අත්‍යාවශ්‍ය එකක් බැවින් වන අලි සංරක්ෂණය සහ සහජීවනය සඳහා කල් පවතින විසඳුම් සෙවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තුළ ඇති කැපවීම අගය කරනවා.” ඉහත සඳහන් හමුවීම හා ලිපිය භාර දීම සම්බන්ධයෙන් සියල්ලට පළමුව කිව යුතු දෙයක් තිබේ.එනම් මෙය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ගැයෙන දේශපාලන ප්‍රශස්තියක් නොවන බව ය.ඔහු ගේ හොඳ හෝ නරක දේශපාලනික ක්‍රියාකාරකම් මෙතැනට අදාල නැත.අප විමසුමට ලක් කරනුයේ මෙම සංසිද්ධිය පමණි.

වේල්සයේ කුමරු වන විලියම් කුමරු මේ වන විටත් ශ්‍රී ලංකාවේ වන අලින් සම්බන්ධයෙන් සුවිසල් කාර්ය භාරයක් සිදු කොට තිබේ .ඔහුගේ United for Wildlife සංවිධානය යටතේ ක්‍රියාත්මක වන Guardians(භාරකරුවන්) නම් කොටස් හයකින් යුතු වාර්තාමය වැඩසටහන් හෙවත් කථාංග මාලාවේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ වන අලින් සම්බන්ධ වැඩ සටහනක් පසුගිය දා BBC සහ Youtube සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ ලොව පුරා ප්‍රචාරය විය.මෙම වාර්තා රූපවාහිනී වැඩ සටහන් හය මගින්, වන සතුන් ආරක්ෂා කිරීම සඳහා වෙහෙසෙන වනජීවී නිලධාරීන් හෙවත් රේන්ජර්වරුන් සහ ඔවුන් මුහුණ දෙන අභියෝග ඉස්මතු කර දැක්වීම විශේෂත්වයකි. එහි දී ඔවුන් නම් කොට ඇත්තේ ප්‍රසංශා නොලත් වීරයන්” ( Unsung Heroes) යනුවෙනි. ප්‍රසංශා නොලත් වීරයෙකු යනු වටිනා, බොහෝ විට අභියෝගාත්මක කාර්යයන් කරන මුත් තම දායකත්වයන් සඳහා සමාජමය පිළිගැනීමක් හෝ ප්‍රශංසාවක් නොලැබෙන අයෙකි.2025 මැයි 23 වන දින සිට සතිපතා ලොව පුරා පතුරුවා හරින ලද මෙම කතාංග මාලාව සඳහා ඉන්දියාවේ හිමාලය, මෙක්සිකෝවේ කෝර්ටෙස් මුහුද සහ දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික වනෝද්‍යානය ඇතුළු විවිධ අභියෝගාත්මක සහ විස්මය ජනක ස්ථානවල “ප්‍රසංශා නොලත් වීරයන්”හෙවත් රේන්ජර්වරුන් පිළිබඳ තොරතුරු ද ඇතුළත් වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවට අදාළ කොටස මගින් විශේෂයෙන්ම අවධානය යොමු කර ඇත්තේ මෙරට වන අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලින් සංරක්ෂණය කිරීමට කටයුතු කරන වන ජීවී නිලධාරීන් පිළිබඳවයි.

විලියම් කුමරු මෙම වාර්තා කථාංගයක මාතෘකාවක් ලෙස වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුවක් වී තිබෙන හා තව දුරටත් ප්‍රවර්ධනය වෙමින් පවතින අලි-මිනිස් ගැටුම යොදා ගැනීම ඒ සම්බන්ධ යෝග්‍යතාව මත පදනම් වූවකි. ඒ සඳහා අලි ඇතුන් බේරාගැනීම, අධීක්ෂණය කිරීම සහ ගැටුම් අවම කිරීම සඳහා රන්දෙණිගල කලාපයේ වසර 20කට වැඩි කාලයක් කැපවී සේවය කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රවීණ පශු වෛද්‍ය විශේෂඥයකු වන චින්තක පතිරණ ඇතුළු ඔහුගේ කණ්ඩායමේ අභීත සහ විශිෂ්ඨ කාර්ය භාරය ඇතුළත් කර තිබේ.එමෙන්ම වන අලින් ගේ ගමන් කරන මාර්ග සොයා ගැනීමට සහ ගැටුම් වැලැක්වීමට භාවිතා කරන GPS කොලර වැනි නවීන විද්‍යා තාක්ෂණික ක්‍රම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කොට ඇත.මෙම වාර්තා චිත්‍රපට මාලාව මගින්, ප්‍රසංශා නොලත් වීරයන් ලෙස ශ්‍රී ලංකාවේ වන ජීවී නිලධාරීන් වන අලි සංරක්ෂණය පිළිබඳව උත්සාහයන් පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු කොට ඇති විලියම් කුමරු සඳහන් කර ඇත්තේ මෙම රේන්ජර්වරුන් ස්වභාවික ලෝකයේ සැබෑ ආරක්ෂකයින් බවත්, ඔවුන්ගේ උත්සාහය පෘථිවියේ අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය බවත්ය.මෙය මානව බුද්ධි පරිනාමයේ නව පාරාසයක් සනිටුහන් කරවන්නකි.

එලෙස ලොව පුරා වනජීවී රේන්ජර්වරුන්ගේ වැදගත් කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරන කථාංග මාලාවක් වන මෙහි ඔහු විධායක නිෂ්පාදකවරයා වන විලියම් කුමරුන් ඒ සෑම කථාංගයකටම හැඳින්වීමක් ද සපයා තිබේ.මෙම කථාංග මාලාව සඳහා මූලික සංකල්පය පහළ වී ඇත්තේ ඔහුගේ ප්‍රධානත්වයෙන් යුතුව යුනයිටඩ් ෆෝ වයිල්ඩ්ලයිෆ් සමඟ කළ ව්‍යාපෘති වලිනි. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ සහ ඔවුන් ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා ප්‍රථිවි තලයේ වඩාත්ම භයානක රැකියා කිහිපයක සේවය කරන මෙම ප්‍රසංශා නොලත් වීරයන් පිළිබඳ සමාජ දැනුවත්භාවය වර්ධනය කිරීම හා ඔවුන් ගේ සේවය අගය කිරීම පිණිස වූ මෙම කථාංග මාලාව මේ වන විටත් මිනිසා සහ සොබා දහම පිළිබඳ සමාජමය අවිඥානකත්වය වෙත එල්ල වූ දීප්තිමත් ආලෝක ධාරාවක් වී තිබේ.
,මෙවන් පසුබිමක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ශ්‍රී ලංකාවේ වන අලින් සංරක්ෂණය කිරීම සඳහා විලියම් කුමරුගේ සහය ඉල්ලා සිටීම”තැනේ හැටියට ඇනේ ගැසීමක්” බඳු ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ ඉතා වැදගත් කාලීන පියවරක් බව අප ගේ වැටහීම හා පිළිගැනීම ය. ඒ අනුව ඔහු එම ලිපියෙන් මෙම ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා “ජාතික අලි සංරක්ෂණ සහ සහජීවන වැඩසටහනක” වැදගත්කම යෝජනා කර ඇති අතර මේ සඳහා විලියම් කුමරුගේ පාර්ශවයෙන් කිනම් හෝ සාධනීය ප්‍රතිඵලයක් ලැබීමේ පහසු අවකාශයක් තිබේ.

අප්‍රිකානු අලියා තුළ නොමැති සුවිශේෂතා බොහොමයක් අප රටේ ද දක්නට ලැබෙන උප විශේෂයට අයත් ආසියාතික අලියා තුළ දක්නට ලැබෙන බව නොරහසකි.එවන් පසුබිමක යටතේ ශ්‍රී ලංකාවේ වන අලින් සම්බන්ධ අලි මිනිස් සහජීවනය නම් වන නව සංකල්පය කෙරෙහි වේල්සයේ කුමරුන් ගේ අවධානය යොමු වේ නම් එය අනාගතයේ ලොවට සදහටම අහිමි වීමේ පැහැදිලි අවදානමකට ලක් ව සිටින මේ ගෝලීය සම්පතේ මතු ආරක්ෂාව සහ මතු යහ පැවැත්ම උදෙසා ගනු ලබන සුවිසල් මෙහෙවරක් බව අපගේ වැටහීම ය.

ලෝකයේ මහාද්වීප පහෙන් අලි ඇතුන් දක්නට ඇත්තේ අප්‍රිකා සහ ආසියා මහාද්පවීප වල පමණි.ඒ අතරිනුදු අප්‍රිකානු අලියා තුළ නොමැති සුවිශේෂතා බොහොමයක් අප රටේ ද දක්නට ලැබෙන උප විශේෂයට අයත් ආසියාතික අලියා තුළ දක්නට ලැබෙන බව නොරහසකි.
එවන් පසුබිමක යටතේ ශ්‍රී ලංකාවේ වන අලින් සම්බන්ධ අලි මිනිස් සහජීවනය නම් වන නව සංකල්පය කෙරෙහි වේල්සයේ කුමරුන් ගේ අවධානය යොමු වේ නම් එය අනාගතයේ ලොවට සදහටම අහිමි වීමේ පැහැදිලි අවදානමකට ලක් ව සිටින මේ ගෝලීය සම්පතේ මතු ආරක්ෂාව සහ මතු යහ පැවැත්ම උදෙසා ගනු ලබන සුවිසල් මෙහෙවරක් බව අපගේ වැටහීම ය.ඒ සඳහා මේ වන විට දිනෙන් දින උග්‍ර වන අලි මිනිස් ගැටුම හමුවේ වන අලින් පලවා හැරීම වැනි ඇවිලෙන ගින්නට පිදුරු දැමීමේ න්‍යායේ අඥාන ක්‍රියා මාර්ග වලින් අත් මිදී ආණ්ඩුවේ වගකිව යුත්තන් ඉහත සඳහන් “අලි මිනිස් සහජීවනය” නම් මිනිසත් බවින් සපිරි සාධනීය ක්‍රියා මාර්ගය සම්බන්ධ හෝඩිය හෝ කියවා දැන සිටීම ඉතා වැදගත් බව අප ගේ වැටහීම ය.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර