සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේ ලෙස හිෂාන් සංඛ මාපිටිගම පත්වෙයි

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඉදිරි වසර පහ සඳහා නව බස්නායක නිලමේවරයා ලෙස හිෂාන් සංඛ මාපිටිගම මහතා ඊයේ දින (20) තේරී පත් විය.

නව බස්නායක නිලමේවරයා තෝරාගැනීම සඳහා වූ ඡන්ද විමසීම, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ගාමිණී සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 9 දෙනෙකු ඇතුළුව, බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ද ඇතුළුව 12 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි අතර, ඉන් 11 දෙනෙකු මෙම ඡන්ද විමසීමට සහභාගී වූහ.

මෙම ධුරය සඳහා මීට පෙර පැවති නිලවරණය නීතිමය ගැටලු හේතුවෙන් කිහිපවරක්ම කල් දැමීමට සිදු වූ අතර, අධිකරණ නියෝග මත නතර වූ මෙම ක්‍රියාවලිය, අවසානයේදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සාර්ථකව නිම කිරීමට හැකි විය.

මෙහිදී වැඩි ඡන්ද ලබා ගනිමින් හිෂාන් සංඛ මාපිටිගම මහතා සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේ ධුරයට පත් විය.

කාලීන පුවත්