අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2025) හේතුවෙන් එළඹෙන 11වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන 17වනදා සිට 26වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545ක පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
ඒ අනුව එළඹෙන 11වනදා සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම ඇතුළු ඒ සම්බන්ධ සියලු සේවාවන් තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.