
කලෙකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතා ප්‍රසිද්ධ චරිතයක් වූ ඉම්රාන් ඛාන් මේ වනවිට සිටින්නේ හිර ගෙදරක ය. කලක් පාකිස්තානයේ අගමැති ධුරය ද දැරූ ඔහුට විවිධ චෝදනා මත සිර දඬුවම් නියම වූයේ 2023 වසරේ අගෝස්තු මාසයේ යි. දැන් වසර දෙකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ඔහුගේ ජීවිතය ගෙවෙන්නේ පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර පිහිටි අදියාලා බන්ධනාගාරයේ යි.
මේ දිනවල ඉම්රාන් මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් වී තිබෙනු දැකිය හැකි වේ. ඒ ඔහුගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුවක් නිසා ය. 73 වැනි වියෙහි පසුවන ඔහුගේ එක් ඇසක් අන්ධභාවයට පත් වීමේ අනතුරක් මතු ව ඇති බව වාර්තා වේ. මේ වනවිට ඔහුගේ දකුණු ඇසේ පෙනීම ඇත්තේ සියයට 15 ක පමණ ප්‍රමාණයක් බව සඳහන් ය.
ඉම්රාන්ට සිර ගෙදර දී ලැබෙන සැලකිල්ල සම්බන්ධයෙන් ද මේ වනවිට අවධානයක් යොමු වන්නට පටන් ගෙන ඇත. ඔහුගේ ඇසේ ප්රශ්නය මේ තරම් දරුණු මට්ටමකට ළඟා වූයේ ඔහුට ලැබෙන අඩු සැලකිල්ල නිසා බවට ද චෝදනා එල්ල වී තිබෙනු දැක ගන්නට ලැබේ.ඉම්රාන් මුහුණ දී සිටින මේ කණගාටුදායක තත්වය ගැන තොරතුරු කරළියට පැමිණීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන් ලෙස සැලකෙන බොහෝ දෙනෙකු ඔහු වෙනුවෙන් හඬ නගන්නට පටන් ගෙන තිබේ.
ඉම්රාන්ට සිර ගෙදර දී ලැබෙන සැලකිල්ල සම්බන්ධයෙන් ද මේ වනවිට අවධානයක් යොමු වන්නට පටන් ගෙන ඇත. ඔහුගේ ඇසේ ප්රශ්නය මේ තරම් දරුණු මට්ටමකට ළඟා වූයේ ඔහුට ලැබෙන අඩු සැලකිල්ල නිසා බවට ද චෝදනා එල්ල වී තිබෙනු දැක ගන්නට ලැබේ.
ඉම්රාන් මුහුණ දී සිටින මේ කණගාටුදායක තත්වය ගැන තොරතුරු කරළියට පැමිණීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන් ලෙස සැලකෙන බොහෝ දෙනෙකු ඔහු වෙනුවෙන් හඬ නගන්නට පටන් ගෙන තිබේ.

ඉම්රාන් ගේ ඇසේ ප්රශ්නය පසුගිය දිනවල මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වීමට පටන් ගත්තේ නීතිඥයෙකු විසින් සකස් කරන ලද වාර්තාවක් නිසා ය. එම නීතිඥයා එකී වාර්තාව සකස් කර තිබුණේ ඉම්රාන් ගේ සෞඛ්‍ය තත්වය ගැන සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබූ පසුබිමක් තුළ යි.
මෙම වාර්තාව පිලිබඳ තොරතුරු මාධ්‍ය තුළ පළ වූ අවස්ථාවේ පාකිස්තාන ක්‍රිකට් දැවැන්තයින් වන වසීම් අක්රම්, වකාර් යූනුස්, ෂොයෙබ් අක්තාර් වැනි අය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනු දැකගන්නට ලැබිණි. ඉම්රාන්ට වහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන මෙන් ඔවුන් අදාල පාර්ශ්වවලින් ඉල්ලා තිබිණි.
තමාගේ දකුණු ඇසේ පෙනීම දුර්වල වීමට පටන් ගත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට බව ඉම්රාන් ඉහත කී නීතිඥයා සමග පවසා තිබේ. තමා මේ ගැන නොයෙක් වර බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවසුවත් ඔවුන් ඒ ගැන නිසි අවධානයක් යොමු නොකළ බවට ඔහු චෝදනා කර තිබිණි. ඇසේ පෙනීම එකවරම ඉතා දුර්වල තත්වයකට පත් වීමට පටන්ගෙන තිබුණේ එයින් පසුව යි.
කෙසේ හෝ වේවා, ජනවාරි මාසයේ ඉම්රාන් පාකිස්තානයේ වෛද්‍ය විද්‍යා ආයතන රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍යවරයකුට පෙන්වීමට පියවර ගෙන තිබූ බව සඳහන් වේ. ඔහු පරීක්ෂාවකට ලක් කළ වෛද්‍යවරයා පවසා තිබුණේ ලේ කැටියක් සිර වීම නිසා ඇසට හානි සිදුව ඇති බවකි.

මේ වනවිට එම ඇසේ පෙනීම සියයට 85 කින් පමණ අඩු වී ඇති බව සඳහන් ය.
“අපගේ කි‍්‍රකට් නායක ඉම්රාන් ඛාන් සෞඛ්‍ය ගැටලූවලින් පීඩා විඳිමින් සිටින බව ඇසීමෙන් දැඩි සිත් වේදනාවට පත් වුණෙමි.” වසීම් අක්රම් ඔහුගේ X සමාජ මාධ්‍ය පිටුවේ සඳහන් කර තිබෙනු දැකිය හැකි විය.
” බලධාරීන් මෙය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගනිමින් ඔහුට ලබා දිය හැකි උපරිම වෛද්‍ය සත්කාර ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරමි. ඉක්මනින් සුවය ලබා නැවත යහපත් සෞඛ්‍ය තත්වයට පත් වීමට ඔහුට ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි’’ අක්රම් තවදුරටත් එහි සඳහන් කර තිබිණි.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන් ලෙස කීර්තියක් දිනා සිටින නායකයන් 14 දෙනෙකු අත්සන් කර පාකිස්තානයේ අගමැති ෂෙබාස් ෂරීෆ් වෙත ලිපියක් යොමු කර ඇති බව ද පසුගිය දිනවල මාධ්‍ය හරහා වාර්තා විය. ඉම්රාන්ට නිසි ගෞරවයෙන් යුතුව සහ මානුෂිකව සලකන මෙන් ඔවුහු අදාළ පාර්ශ්වවලින් ඉල්ලා සිටිති.
සුනිල් ගවස්කාර් (ඉන්දියාව), කපිල් දේව් (ඉන්දියාව) , ස්ටීව් වෝ (ඕස්ට්‍රේලියාව), ඉයන් චැපල් (ඕස්ට්‍රේලියාව), ග්‍රෙග් චැපල් (ඕස්ට්‍රේලියාව), ඇලන් බෝඩර් (ඕස්ට්‍රේලියාව), කිම් හියුස් (ඕස්ට්‍රේලියාව), ක්ලයිව් ලොයිඩ් (බටහිර ඉන්දීය), මයිකල් ඇතර්ටන් (එංගලන්තය ), නසර් හුසේන් (එංගලන්තය), ඩේවිඩ් ගවර් (එංගලන්තය), ජෝන් රයිට් (නවසීලන්තය), ), මයිකල් බ්‍රියර්ලි (එංගලන්තය), බෙලින්ඩා ක්ලාක් (ඕස්ට්‍රේලියාව) යන අය මෙම ලිපියට අත්සන් තබා තිබේ.

ඉම්රාන් ගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් සහ ඔහු බන්ධනාගාරයේ දී මුහුණ දෙන තත්වයන් සම්බන්ධයෙන් මෑතක පළ වූ වාර්තා ගැන තමුන්ගේ දැඩි සැලකිල්ල යොමු වූ බව ඔවුන් එම ලිපියේ සඳහන් කර තිබේ.
” ඉම්රාන් ඛාන් ක්‍රිකට් ක්‍රීඩාවට විශාල දාකත්වයක් ලබා දුන් කෙනෙක්. ඒ නිසාම ඔහු ලෝකයේම ගෞරවයට පාත්‍ර වෙනවා. 1992 වසරේ ඔහු ඓතිහාසික ලෝක කුසලාන ජයග්‍රහණයක් කරා පාකිස්තාන කණ්ඩායම මෙහෙයවූවා. එය කුසලතාව, නායකත්වය, ක්‍රීඩාශීලී බව, දරාගැනීමේ හැකියාව වැනි ගුණාංග මත ඉදි වූ ජයග්‍රහණයක්. පරම්පරා ගණනාවකට අභාෂයක් ලබා දෙන්න ඊට පිලිවන් වුණා.

” අප බොහෝ දෙනෙකු ඔහුට එරෙහිව ක්‍රීඩා කර තිබෙනවා. ඔහු සමග ක්‍රීඩා පිටිය බෙදාහදා ගෙන තිබෙනවා. ඔහුගේ තුන් ඉරියව් දක්ෂතා, සටන්කාමී බව, ආකර්ශණීය බව පරමාදර්ශ සේ සලකා තිබෙනවා. ඉම්රාන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහි වූ ඉහළම මට්ටමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සහ නායකයෙක්. ” යයි ද මෙම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.
කලින් සඳහන් කළ නීතිඥයාගේ වාර්තාව පළ වීමෙන් පසු වෛද්‍යවරුන් කණ්ඩායමක් අදියාලා බන්ධනාගාරයට පැමිණ ඉම්රාන් පරීක්ෂා කර තිබිණි. මේ වනවිට ඔහුගේ ඇස් පෙනීමෙහි යම් ප්‍රගතියක් ඇති වී තිබෙන බව ඔවුන් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

ඉම්රාන් ගේ පෞද්ගලික වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් කර තිබූ ප්‍රකාශයක් ද මාධ්‍ය පළ කර තිබිණි. ඉම්රාන් පරීක්ෂා කිරීමට තමාට තවමත් අවස්ථාවක් ලැබී නැති බවත්, ඒ නිසා ඉහත කී කතාවේ ඇත්ත නැත්ත තමාට තවම පැවසීමට නොහැකි බවත් ඔහු සඳහන් කර තිබේ.
ඉම්රාන් පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ප්‍රතිකාර ලබා දෙන මෙන් පවුලේ උදවිය ද, ඔහුගේ දේශපාලන පක්ෂය වන තෙහ්රීක් -එ- ඉන්සාෆ් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ද ඉල්ලා තිබිණි. නමුත් තවම එම ඉල්ලීම ඉටු වී ඇති බවක් නොපෙනේ.
2018 සිට 2022 දක්වා ඉම්රාන් පාකිස්තානයේ අගමැති ධුරය දැරුවේය. 2022 අප්‍රේල් මාසයේ විශ්වාසභංග යෝජනාවක් හරහා ඔහු එම ධුරයෙන් පහ කෙරිණි. එම අවස්ථාවේ ඔහු පැවසුවේ ඇතැම් විදේශ බලවේග දේශීය පාර්ශ්ව ද සමග එක්ව තමා දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව යි.
2018 සිට 2022 දක්වා ඉම්රාන් පාකිස්තානයේ අගමැති ධුරය දැරුවේය. 2022 අප්‍රේල් මාසයේ විශ්වාසභංග යෝජනාවක් හරහා ඔහු එම ධුරයෙන් පහ කෙරිණි. එම අවස්ථාවේ ඔහු පැවසුවේ ඇතැම් විදේශ බලවේග දේශීය පාර්ශ්ව ද සමග එක්ව තමා දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව යි.
කෙසේ හෝ වේවා බලයෙන් පහ කෙරුණු ඉම්රාන්ට එරෙහිව විවිධ චෝදනා යටතේ නඩු පැවරිණි. ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර මේවා තමා දේශපාලන පිටියෙන් ඉවත් කිරීම සඳහා ගෙන ආ චෝදනා බව ප්‍රකාශ කළේය.
නිහාල් පීරිස්