ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනිද්දා සිට ලබන මස 6වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කර තිබේ.සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කළේ දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු උණ රෝගීන් 27932දෙනෙක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.එමෙන්ම ගතවූ කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 16ක්.