ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ ඩිජිටල්කරණය කිරීමට රජය තීරණය කර තිබේ.
අධිකරණ කාර්යාල තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා අවම කිරීම, අධිකරණ පිළිබඳව මහජන විශ්වාසය වර්ධනය කිරීම හා අධිකරණයට පැමිණෙන මහජනතාවට සහ නීතිඥවරුන්ට කඩිනමින් සේවා ලබා ගැනීමේ පහසුව ලබාදීම ඩිජිටල්කරණ වැඩසටහනෙහි අරමුණ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙහි පළමු පියවර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිත බවත් ඉන් අනතුරුව අභියාචනාධිකරණය, මහාධිකරණ, දිසා සහ මහෙස්ත්‍රාත් අධිකරණ ඇතුළුව සියලු අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිත බවත් අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.