ළමා හා කාන්තා හිංසන පැමි­ණිලි කියන ‘109’ගැන ජන­තාව දැනු­ම්වත් කිරීමේ පාග­ම­නක්

ළම­යින්ට හා කාන්තා­වන්ට සිදු­වන හිංසන ඇතුළු විවි­ධා­කාර ගැටලු ගැන පැමි­ණිලි කිරී­මට පොලිස් ළමා හා කාන්තා අප­යෝ­ජන නිවා­රණ හා විම­ර්ශන කාර්යාංශ මූල­ස්ථා­නයේ ස්ථාපිත කර ඇති පැය 24 පුරා ක්‍රියා­ත්මක 109 කෙටි දුර­ක­තන අංකය ගැන ජන­තාව දැනු­ම්වත් කිරීමේ පාග­ම­නක්  පවත්වනලදි.

ළමා හා කාන්තා අප­යෝ­ජන නිවා­රණ හා විම­ර්ශන කාර්යාං­ශයේ නියෝජ්‍ය පොලි­ස්පති රේණුකා ජය­සු­න්දර මහ­ත්මි­යගේ මූලි­ක­ත්ව­යෙක් මේ පාග­මන ආම­ර්වී­දියේ පිහිටි ළමා හා කාන්තා අප­යෝ­ජන නිවා­රණ හා විම­ර්ශන කාර්යාංශ මූල­ස්ථා­නය අස­ලින් සවස 2.00ට ආරම්භ වී මර­දාන හරහා කොළඹ කොටුව දුම්රිය පොළ ඉදි­රි­පි­ටින් ගාලු­මු­ව­දොර දක්වා ගමන් කරනලදි.

මේ පාග­ම­නේදී 109 විශේෂ මෙහෙ­යුම් මැදි­රිය ගැන මෙන්ම ළම­යින් හා කාන්තා­වන්ට සිදු­වන හිංසන වළක්වා ගන්නා ආකා­රය පිළි­බඳ දැනු­ම්වත් කිරීමේ අත්ප­ත්‍රිකා බෙදා හැරී­මක් ද පුවරු ප්‍රද­ර්ශ­නය කිරී­මක් ද වීථි නාට්‍ය සංද­ර්ශන ද පැවැ­ත්විණි. මේ පාග­ම­නට ළමා හා කාන්තා අප­යෝ­ජන නිවා­රණ හා විම­ර්ශන කාර්යාං­ශයේ අධ්‍යක්ෂ ඉමේෂා මුතු­මාල මහ­ත්මිය, කාර්යාං­ශයේ සහ­කාර පොලිස් අධි­කාරි මෙරිල් රංජන් ළමා­හේවා මහතා ඇතුළු කැල­ණිය, ගම්පහ, කොළඹ මධ්‍යම,කොළඹ දකුණ, පාණ­දුර, ඇල්පි­ටිය, ගාල්ල, මාතර, තංගල්ල හා කුලි­යා­පි­ටිය පොලිස් කොට්ඨා­ස­වල සේවයේ නිරත පොලිස් නිල­ධා­රීහු 350ක් පමණ සහ­භාගි විය.

කාලීන පුවත්