අනවශ්‍ය ලෙස දැල්වෙන විදුලි බුබුළු ගණන් කරන්නැයි පොලීසි වලට දැනුම් දෙයි

රටේ සියලුම පොලිස් බල ප්‍රදේශවල අනවශ්‍ය ලෙසින් දල්වා ඇති විදුලි පහන් පිළිබඳව විධිමත් සමීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිස් ස්ථානාධිපති වරුන් වෙත වෙත දැනුම් දී ඇත.උද්ගතව ඇති තත්ත්වය මත බල ශක්තියඅර පිරි මැස්මෙන් යුතුව පාවිච්චි කරන ලෙස දැනුම් දී ඇතත් බොහෝ ප්‍රදේශවල එවැන්නක් සිදු නොවීම නිසා මෙම පියවර ගෙන තිබේ.මේ තත්ත්වය මත පොලිස් වසම් තුළ ඇති වීදි ලාම්පු සහ වෙළඳ ප්‍රදර්ශන පුවරු සඳහා භාවිත කරන විදුලි බල්බ සංඛ්‍යාව නිශ්චිතව ගණනය කර කඩිනමින් වාර්තාව ලබා දීමට පොලිස් ස්ථානාධිපති වරුන් කටයුතු කරනු ඇත.මීට පෙරද අවස්ථාවක මෙවැනි වාර්තා ලබා ගැනීමට කටයුතු කර ඇතත් එම වාර්තා සෑහීමට පත්විය නොහැකි මට්ටමක පැවතීම හේතුවෙන් නැවත වර්තා ගැනීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

කාලීන පුවත්