රාජ්‍ය සේවකයින් අවමානයකට පීඩාවට ලක් කරමින් සිදුකරන අත්අඩංගුවට ගැනීම් නිසා පවතින ක්‍රමවේදය බිඳ වැටෙන බවත් එය සිදුකිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත් එනිසා මේ රටේ අසාධාරණයට ලක්වන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය සියලු කටයුතු වනවිට සම්පාදනය කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.” රජයේ ජ්‍යෙෂ්ඨ සේවකයින් අවමානයට හෑල්ලුවට ලක් කරමින් ඔවුන්ව සිරගත කරමින් මේ ආකාරයට කටයුතු කිරීම මේ ක්‍රමවේදය බිඳ දැමීමකට උත්සාහ දැරීමක්. ඒ කියන්නේ ආයතන ප්‍රධානියෙක්, පොලිස්පති වරයෙක්, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයෙක් වැනි පුද්ගලයෙක් අත් අඩංගුවට පත් කරනවා නම් ඒ සම්බන්ධයෙන් රජය විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. මොකද එවැනි කරුණක් මත මුලු පද්ධතියම බිඳවැටීමකට ලක් වෙනවා. විශ්වාසනීයත්වය බිඳවැටීමකට ලක් වෙනවා.ඒ නිසා මේ රටේ අසාධාරණයට ලක්වන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය සියලු කටයුතු අපි මේ වනවිට සම්පාදනය කරමින් ඉන්නවා.” යනුවෙන් ඔහු පැවසීය.ඒ ඊයේ (11) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.