ආණ්ඩුව ප්‍රබල වෙනවා විපක්ෂය දුබල වෙනවා

වත්මන් ආණ්ඩුව ඉතාම හොඳින් ලෝකය දිනාගෙන යන බව මනාව පැහැදිලි වී ඇතැ‍යි හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.ඒ අනුව ජපානය, චීනය, වියට්නාමය වැනි රටවල් ශ්‍රී ලංකාවට උදව් කරනු ඇති බවට ද හිටපු ඇමතිවරයා විශ්වාසය පළ කරයි.චීන කොමියුනිස්ට් ආණ්ඩුව කළ ආකාරයටම ආයෝජකයන් අතර විශ්වාසය තහවුරු කර නොපමාව අයෝජකයන් රටට කැඳවාගත යුතු බවමාධ්‍ය හමුවක් අමතමින් එස්.බී. දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේ ආණ්ඩුව දවසින් දවස ශක්තිමත් වෙමින් ඉදිරියට යන අතර විපක්ෂය එන්න එන්නම දුර්වල වන බවයි.

කාලීන පුවත්