ආපදා සහන රැසක් ද සමඟ ඉන්දීය විදේශ ඇමති හෙට ශ්‍රී ලංකාවට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට ( 22) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.පසුගිය දිනවල ඇති වූ ආපදා තත්වයන්ගෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ සැලසුම් සඳහා ඉන්දීය රජයේ විශේෂ සහයෝගීතා පැකේජයක් ප්‍රකාශයට පත් කිරීම මෙම සංචාරයේ මූලික අරමුණ බව පැවසෙන අතර ආපදාවලින් විනාශ වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා ඉන්දීය තාක්ෂණික හා මූල්‍ය දායකත්වය මෙහිදී නිල වශයෙන් ලබා දීමට නියමිත ය.පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග නැවත ස්ථාපිත කිරීම වෙනුවෙන් වන විශේෂ ව්‍යාපෘති රැසක් මෙම පැකේජයට ඇතුළත් වන බව ආරංචි මාර්ග පවසයි.සිය සංචාරය අතරතුර ජයශංකර් මහතා ජනාධිපතිවරයා ඇතුළු මෙරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එහිදී දෙරට අතර පවතින ආර්ථික, දේශපාලනික සහ කලාපීය ආරක්ෂාව පිළිබඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධ නව යෝජනා ද ඉදිරිපත් කරනු ඇත.

කාලීන පුවත්