ඖෂධ හිඟය ආයිත් ඔඩු දුවන්න පටන් අරන්

ආයිත් ඖෂධ හිඟය ආයිත් ඔඩු දුවන්න පටන් අරන් 2023 වසරේ පැවති ඛේදජනක තත්ත්වයට ළඟා වෙමින් මේ වන විට නැවතත් සෞඛ්‍ය පද්ධතිය තුළ ඖෂධ හිඟය එක්තරා අන්දමකට ආකාරයකට ඔඩු දුවමින් පවතින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසී ය.ඒ ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.මේ සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ පුද්ගලයින් සහ ආයතන දැනුවත් කර ඇති බවත්, එබැවින් රෝහල් පද්ධතියට ඖෂධ ලබා දීමේ වගකීමෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට කිසිසේත් ම මගහැරිය නොහැකි බව ද මාධ්‍ය ප්‍රකාශක වරයා අවධාරණය කළේ ය.මේ අතර රජයේ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනුයේ එලෙස හිඟ ඖෂධ අතරට ජීවිතාරක්ෂක ඖෂධ ද අයත් බවකි.

කාලීන පුවත්