ඇල්ල බස් අනතුරේ අවසන් වාර්තාව නිකුත් වේ

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 වැනි කිලෝ මීටර් කණුව අසලදී ඉකුත් 4 වැනිදා බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුර බසයේ තිරිංග පද්ධතියේ පැවති දෝෂය සහ රියදුරුට රථය පාලනය කිරිමට නොහැකි වීම මත සිදුව ඇතැයි ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ පංචපුද්ගල කමිටුව අනාවරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම කමිටුවේ අවසන් වාර්තාව හෙට (22) ප්‍රවහන හා මහාමාර්ග අමාත්‍යංශයට භාරදිමට නියමිතව තිබේ.අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගිය අතර ප්‍රතිකාර ලබමින් සිටි තවත් කාන්තාවක් පසුගිය 12 වැනිදා මිය ගිය බව වාර්තා විය. ඒ අනුව එම අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු මරණයට පත් ව තිබේ.විනෝද චාරිකාවකට එක්ව සිටි තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් අනතුරට පත් බසයේ ගමන් කොට තිබුණි.

කාලීන පුවත්