ඉදිරි ඡන්දයක දී අපේ ජය නියතයි; ඒත් ඡන්දෙකට ප්‍රබල විපක්ෂෙකුත් ඕනෙනෙ

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වසර පහක ධුර කාලයෙන් තවම ගතවී ඇත්තේ වසර එකහමාරක් පමණක් වුවත් මැතිවරණ පොරොන්දුවලින් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් ඉටුකිරීමට ආණ්ඩුව සමත්ව ඇති බැවින් ඕනෑම මැතිවරණයකින් ජයග්‍රහණය කළ හැකි බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පවසෞයේ ඉදිරි මැතිවරණයක දී තම පක්ෂයේ ජය නියත වුවද ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් තුළ ශක්තිමත් විපක්ෂයක් ද ඒ සඳහා තිබිය යුතු බවකි.
“අපි බලයට පත් වෙලා තාම අවුරුදු එකහමාරයි ගිහිල්ලා තියෙන්නෙ අවුරුදු පහෙන්. ඒ එකහමාර තුළ අපි දීපු පොරොන්දුවලින් විශාල ප්‍රමාණයක් මේ වෙනකොටත් ඉෂ්ට කරලා තියෙනවා. විරුද්ධවාදීන් ඉතින් අතන මෙතන කියවනවා, ඒක ඉතින් අපිට ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අපි ඡන්දයක් තිබ්බොත් සටනක් නැති ඡන්දයක් තියන්නෙ. ඒකත් එච්චර හොඳ එකක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවකට ශක්තිමත් විපක්ෂයක් හදාගන්න කියලා අපි විපක්ෂයේ අයට යෝජනා කරනවා”යනුවෙන් ද ඔහු කීය.කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (01) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කාලීන පුවත්