ඉන්ධන නැති කමින් ලබන සඳුදා සිට බස් ධාවනය අඩාල වේවි

බස් රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව තවමත් නිසි පරිදි සකසා නොමැති අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අදාළ ප්‍රවාහන බලධාරීන් විසින් මේ සම්බන්ධව නිසි පියවර නොගැනීම මත ලබන සඳුදා දින සිට බස් රථ ධාවනය ද අඩාල විය හැකි බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.ඇතැම් ප්‍රදේශවල ලංගම ඩිපෝ මගින් පමණක් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීම සිදු කෙරුණද තවත් ප්‍රදේශවල ඩිපෝ මගින් ඉන්ධන ලබා ගැනීමට යාමේදී එම ඩිපෝ වල ඉන්ධන නොමැති බවට දන්වා ඇති බවත් පැවසූ ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනුයේ මේ හේතුවෙන් බස් රථ හිමියන් බරපතළ ගැටලු රැසකට මුහුණ පා ඇති බවය.මෙම තත්ත්වයන් තුළ ලබන සඳුදා දින සිට බස් ධාවනය සැලකිය යුතු මට්ටමකින් අඩාල විය හැකි බවත් පෙන්වා දෙන ඒ මහතා සඳහන් කරනුයේ අදාළ බලධාරීන් මැදිහත්ව මෙම තත්ත්වයට කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවය.

කාලීන පුවත්