මාසිකව ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රයට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ලංකා සුදු ඩීසල් මිල ගණන් පමණක් පහළ දමා ඇත.පෙබරවාරි මාසය සඳහා වන. මෙම මිල සංශෝධනය ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන වේ.ඒ අනුව මීට පෙර රුපියල් 294 ක් ලෙස පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 292 ක් දක්වා අඩු වී ඇති අතර, රුපියල් 279 ක් ලෙස අලෙවි වූ ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 277 ක් බවට පත්වනු ඇත.මෙම වර්ග දෙක හැරුණු විට සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව ලංකා සුපිරි ඩීසල්, ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් යන ඉන්ධන වර්ග පවතින පැරණි මිල ගණන් යටතේම තවදුරටත් අලෙවි කෙරේ.