ඉන්දියාවෙන් රැකවරණ ඉල්ලා සිටි IRIS Lavan නමැති ඉරාන යුද නෞකාවට රැකවරණය ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබේ. ඒ අනුව 183 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සමඟ එය ඉන්දියාවේ කේරලයට අයත් කොචි වරායේ පසුගිය 4 වැනිදා සිට නංගරුම් ලා ඇත. IRIS Lavan පෙබරවාරි 28 වන දින රැකවරණය ඉල්ලා සිටි අතර මාර්තු 1 වන දින අනුමැතිය හිමි වූ බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.