ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ඊශ්රායලය එල්ල කළ බර අවි ප්රහාරවලින් හමාස් සංවිධානයේ ආයුධ නිෂ්පාදන මූලස්ථානයේ ප්රධානියා වූ රාද් සාද් නැමැත්තා මියගොස් තිබේ. 2023 වසරේ ඔක්තෝබර් හත්වැනිදා ඊශ්රායලයට එල්ල වූ හමාස් ප්රහාරයට මෙන්ම දැනට පවතින සටන් විරාමය කඩ කිරීමට ද ඔහු සම්බන්ධ බව ඊශ්රායලය පවසන අතර ඊශ්රායලය සටන් විරාමය කඩ කරමින් ගාසා නගරයේ බටහිර කොටසේ සිවිල් වැසියන් ඉලක්ක කර ප්රහාර එල්ල කරන බවට හමාස් සංවිධානය ප්රකාශයක් නිකුත් කරමින් පවසයි.