රජය විසින් උපරිම සිල්ලර මිල පනවා ඇති ඖෂධ වර්ග වැඩි මිලට අලෙවි කරන යම් තැනැත්තෙකු හෝ ආයතනයක් වේ නම් වහාම ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.එම අධිකාරිය ප්‍රකාශ කළේ, ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී සභාගත කළ උපරිම මිල සීමාව නියම කළ ඖෂධ 350ක ලැයිස්තුව මේ වන විට ප්‍රසිද්ධියට පත්කර ඇති බවයි.ඖෂධ නියාමන අධිකාරියේ නිල වෙබ් අඩවියෙන් නව ඖෂධ මිල ගණන් දැනගැනීමේ හැකියාව පවතින අතර එම අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මාහතා ප්‍රකාශ කළේ මෙම ඖෂධ උපරිම වශයෙන් 40%ක අඩුකිරීමකට යටත් කර ඇති බවයි.
පිළිකා රෝගීන් සඳහා ලබාදෙන පැක්ලිටැක්සර් ඖෂධය මිල රුපියල් 42,000 සිට රුපියල් 26,332 දක්වා අඩුකර ඇති අතර එම රෝගීන්ට ලබාදෙන තවත් ඖෂධයක් වන සිසැට්රකූරියම් බෙලිසේ ඖෂධය ද රුපියල් 3,157 සිට රුපියල් 2,610 ක් දක්වා අඩු කර ඇති බව සඳහන් වේ.එමෙන්ම, උපරිම සිල්ලර මිලට (Mර්RP) වඩා මිලට ඖෂධ අලෙවි කරන යම් තැනැත්තෙක් හෝ ආයතනයක් වේ නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසද ජාතික ඖෂධ නියාමන අධිකාරිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.