කතරගම බස්නායක නිළමේ පදවියට ඩිෂාන් ගුණසේකරම පත් කරන්න-ජනපතිට පෙත්සමක්

රුහුණු මහා කතරගම දේවාල ඉතිහාසයේ සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ ධූර කාලය ලබන සැප්තැම්බර් මාසය තුළ දී අවසන් වන හෙයින් ඒ මහතා යළි පත්කර දෙන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීම කතරගම සති පොලේදී ආරම්භ කොට තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කිරීම පිණිස අත්සන් තැබෙන එම පෙත්සම සඳහා කතරගම එකමුතු වෙළඳ සංගමය, පූජා වට්ටි කඩ සංගමය, මාල කඩ සංගමය, සෙල්ල කතරගම වෙළඳ සංගමය, සෆාරි ජීප්රථ සංගමය, ත්‍රිරොද රථ සංගමය, රාජ්‍ය සේවා මිත්‍රත්ව පදනම, රාජ්‍ය සේවා විශ්‍රාමික සංගමය, රෝහල් සංවර්ධන කමිටුව ඇතුළු තවත් කතරගම ප්‍රදේශයේ සංවිධාන රැසක් ඒකාබද්ධව අත්සන් ගැනීම ආරම්භ කොට තිබේ.ගත වූ කාලය තුළ රුහුණු මහා කතරගම දේවාලයට ලැබුණු අති විශාල ධනස්කන්ධයක් එහි කපු පාර්ශවය විසින් දිගින් දිගටම අවභාවිතා කෙරෙමින් තිබූ පසුබිමක ඒ සියල්ල කතරගම සුරිඳුන් ගේ නාමයෙන් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් අසරණ රෝගීන් ගේ ජීවිත බේරා ගැනීම ඇතුළු තවත් ජනතා සුබ සිද්ධිය හා සම්බන්ධ කටයුතු සඳහා යොදවන ලද බව පවසන එම සංවිධාන පෙන්වා දෙනුයේ කතරගම බස්නායක නිලමේ තෝරන මීළඟ නිලවරණය සඳහා අති විශාල මුදලක් වැය කොට එම තනතුර තම පාර්ශවයේ අයකුට ලබා දීමට ඉහත මුදල් අවභාවිතා කළ පිරිසක් සූදානම් වන බවකි.

කාලීන පුවත්