කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්


යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා කරගෙන උද්‍යානය වෙත පිවිසෙන පටු අවස්ථාවාදීන්ටය. තවද වාර්ෂිකව මේ සඳහා සහභාගීවන පිරිස ඉහළ යාමටද මෙම තත්ත්වය හේතුවී ඇත. එමෙන්ම දන්සැල් පැවැත්වීම සඳහා මෙසේ උද්‍යානයට ඇතුළුවන පිටස්තර පුද්ගලයින් යාලට ඇතුළුවන්නේද වන්දනාකරුවන් කෙරෙහි උපන් දයාවෙන් ද නැතිනම් හුදෙක් තමන්ගේ විනෝදාස්වාදය සඳහා ද යන්න අමුතුවෙන් කිවයුතු නැත.

දෙසතියකට ආසන්න කාලයක් තුළ පිටස්තර පුද්ගලයින් දස දහස් ගණනින් කුමන සහ යාල ජාතික උද්‍යායේ කලාප අංක එක සහ දෙක තුළ නිදහසේ ගමන් ගන්නේ එවැනි සංචාරක මාර්ගෝපදේශකයින් කිසිවෙක් නොමැතිවය. එබැවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙවැනි තත්ත්වයන් සමීපව අධීක්ෂණය කිරීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යවේ. එවැනි පසුබිමක් තුළ අප ඉහත සඳහන් කළ ආකාරයෙන් ඩිපෙන්ඩර් රථවල නැගී රාත්‍රී කාලයේ පවා වනජීවීන්ට බාධා වන පරිදි අධි බලැති ආලෝක ධාරා එල්ල කරමින් ඉබාගාතේ සැරි සැරීම, ඩ්‍රෝන කැමරා යොදාගෙන රූපගත කිරීම වැනි කටයුතු එළිපිටම සිදුකිරීම මගින් පෙනී යන්නේ එවැනි සමීප අධීක්ෂණයක් සිදු නොවන බවය.

ව්‍යුත්පන්න කිහිපයකදී හැර මෙරට ජාතික උද්‍යානය වලට ඇතුළුවන සංචාරකයින් ඒවා තුළ ගමන් ගන්නා සියලුම අවස්ථා වලදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සංචාරක මාර්ගෝපදේශකයෙකු ඔවුන් සමග ගමන් කිරීම සිදු කරයි. නොඑසේ නම් අදාළ දෙපාර්තමේන්තුවට වග කිවයුතු සෆාරි ජීප් රථ රියදුරන් හෝ ඔවුන් සමග වෙති (විවේචන තිබිය හැක). නමුත් දෙසතියකට ආසන්න කාලයක් තුළ පිටස්තර පුද්ගලයින් දස දහස් ගණනින් කුමන සහ යාල ජාතික උද්‍යායේ කලාප අංක එක සහ දෙක තුළ නිදහසේ ගමන් ගන්නේ එවැනි සංචාරක මාර්ගෝපදේශකයින් කිසිවෙක් නොමැතිවය. එබැවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙවැනි තත්ත්වයන් සමීපව අධීක්ෂණය කිරීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යවේ. එවැනි පසුබිමක් තුළ අප ඉහත සඳහන් කළ ආකාරයෙන් ඩිපෙන්ඩර් රථවල නැගී රාත්‍රී කාලයේ පවා වනජීවීන්ට බාධා වන පරිදි අධි බලැති ආලෝක ධාරා එල්ල කරමින් ඉබාගාතේ සැරි සැරීම, ඩ්‍රෝන කැමරා යොදාගෙන රූපගත කිරීම වැනි කටයුතු එළිපිටම සිදුකිරීම මගින් පෙනී යන්නේ එවැනි සමීප අධීක්ෂණයක් සිදු නොවන බවය.

මේ ආකාරයෙන් මහා ජනකායක් දීර්ඝ කාල සීමාවක් තුළ වනජීවී රක්ෂිත තුළ හැසිරීම නිසා වනජීවීන්ගේ ස්වභාවික හැසිරීම් රටාවන්ට බලපෑම් එල්ලවීම, කැලිකසල සහ මලපහ මගින් ස්වභාවික පරිසර පද්ධතීන් සහ ජල මුලාශ්‍ර දූෂණය වීම වැනි පාරිසරික බලපෑම් රැසක් ඇතිවේ. සංචාරකයින් සංඛ්‍යාව වැඩිවන විට ඊට අනුලෝමව බලපෑමද වැඩිවේ. කතරගම පාද යාත්‍රාවද දුෂ්කර වන්දනා ගමනක සිට සැණකෙළියකට පරිවර්තනය වීමෙන් සිදුවන්නේ සංචාරකයින් සංඛ්‍යාව වැඩිවී පාරිසරික බලපෑම වැඩිවීමය. එබැවින් මීට අදාළ අනුමැතීන් ලබාදීමේදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිට යාල සහ කුමන ජාතික උද්‍යාන භාරකරුවන් දක්වා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු කළමනාකරණ ධුරාවලියේ සියලු ස්ථර මීට වඩා අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්ය. එසේම සිදුවන මානව ක්‍රියාකාරකම් සහ ඇතිවන තත්ත්වයන් සමීපව අධීක්ෂණය කිරීමට සහ අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග නොබියව ක්‍රියාවට නැංවීමට අවශ්‍ය වනජීවී සංරක්ෂණ නිලධාරීන් සහ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබාදීමද ආණ්ඩුවේ වගකීමය.

තමන්ගේ කෙටිකාලීන විනෝදාස්වාදය සඳහා මෙම ඉපැරණි වන්දනා ගමන දඩමීමා කර නොගැනීම, ඊට ඈඳුණු ප්‍රෝඩාකාරී කටයුතු සඳහා රජයේ මුදල් අපතේ නොහැරීම, වනජීවීන්ගේ සුරක්ෂාව තහවුරු වන පරිදි වගකීමෙන් කටයුතු කිරීම සහ පාරිසරික අන පනත් නොසලකා හැරීමට මෙය අවස්ථාවක් කර නොගැනීම දිසාපතිවරුන්ගේ, ආගමික නායකයිගේ සිට සියලු රාජ්‍ය හා පුද්ගලික අංශයන්ගේ යුතුකම බව අප නැවත නැවතත් අවධාරණය කරමු.

එසේම තමන්ගේ කෙටිකාලීන විනෝදාස්වාදය සඳහා මෙම ඉපැරණි වන්දනා ගමන දඩමීමා කර නොගැනීම, ඊට ඈඳුණු ප්‍රෝඩාකාරී කටයුතු සඳහා රජයේ මුදල් අපතේ නොහැරීම, වනජීවීන්ගේ සුරක්ෂාව තහවුරු වන පරිදි වගකීමෙන් කටයුතු කිරීම සහ පාරිසරික අන පනත් නොසලකා හැරීමට මෙය අවස්ථාවක් කර නොගැනීම දිසාපතිවරුන්ගේ, ආගමික නායකයිගේ සිට සියලු රාජ්‍ය හා පුද්ගලික අංශයන්ගේ යුතුකම බව අප නැවත නැවතත් අවධාරණය කරමු.

සුපුන් ළහිරු ප්‍රකාශ්

හරිත දනව්ව