විපක්ෂය කුමක් කීවත් ගල් අඟුරු ආනයනයේදී කිසිදු වංචාවක් සිදුව නැතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පවසයි.“විපක්ෂය දැන් දිගින් දිගටම කියනවා ගල් අඟුරු ගේන එක ඇතුළෙ වංචාවක් සිද්ධ වුණා කියලා. අපි වගකීමෙන් කියනවා, ගල් අඟුරු ඒ කියන ක්‍රියාවලිය ඇතුළේ කිසිදු වංචාවක් වෙලා නෑ. මොකද අපි ප්‍රමිතියට, නිසි ක්‍රමවේදයට ගල් අඟුරු ගෙනල්ලා තියනවා. අධිකරණ ක්‍රියාවලිය යනකොට ඔබට තේරෙයි කවුද හොරාකෑවෙ කියලා”දිනිඳු සමන් හෙන්නායක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ල, ලෙජර්වත්ත ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.කෙසේ වෙතත් දැනට ගෙන්වා ඇති ගල් අඟුරු නැව් 9ක් ප්‍රමිතියෙන් තොර බවත් එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ විෂමතා පවතින බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාවකින් ද තහවුරු වී ඇත.