කතරගම වෙළඳ සල් 32 කට නඩු!

පොලිතින් මල්මාලා ,ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් මුල් කොට කතරගම පූජා නගරය ආශ්‍රිතව ඇති වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි . ප්ලාස්ටික් සහ පොලිතින් භාවිත කිරීම නිසා මෙම නඩු පැවරිම සිදු කර තිබේ . ඒ ඉකුත් මැයි 31 වැනිදා සිට මේ දක්වා සිදුකළ පරික්ෂා කිරීම් වලට අනුව ය.නිලධාරීන් කණ්ඩායම් පහක් යොදාගෙන පූජා නගරයේ වෙළෙඳ සැල් 75ක් පරික්ෂා කර ඇත . ඒවායේ තිබී භාවිතය තහනම් කර ඇති පොලිතින් මල්මාලා ,ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් තොග සොයා ගැනුණු බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කරයි .

කාලීන පුවත්