ලංකා පොහොර සමාගමේ ඉහළ තනතුරක් දරමින් සිටියදී සිදුකළ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනු කර තිබූ නඩුවකට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ (27) අධිචෝදනා භාර දෙන ලදී. කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකාර අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.කුමාර ජයකොඩි මහතා ලංකා පොහොර සමාගමේ ඉහළ තනතුරක් දරමින් සිටියදී රජයේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් පෞද්ගලික සමාගමක් වෙත නීතිවිරෝධී ලෙස ලාභයක් හෝ වාසියක් අත්කර දීමට කටයුතු කිරීම තුළින් අල්ලස් පනත යටතේ එන ‘දූෂණය’ නැමැති වරද සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.