කුසලානය නොමැතිව ඉන්දීය කණ්ඩායම ක්‍රිකට් ජය සමරති

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරඟය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම කුසලානය පාකිස්ථාන ස්වදේශ කටයුතු අමාත්‍ය මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි අතින් ලබා ලබා ගැනීම ප්‍රතික්ෂේප කොට ඇති අතර එය ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇත.මෙම කුසලානය මොහ්සින් නක්වි අතින් ලබා දීමට සැලසුම් කර තිබුණද ඔහු අතින් එය ලබා ගැනීමට තිබූ අකමැත්ත හේතුවෙන් ඒ අවස්ථාවේ කුසලානය ලබා ගැනීම ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබේ.පාකිස්ථානයේ අමාත්‍යවරයෙකු මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාගේ අතින් ආසියානු කුසලානය ලබා නොගැනීමට ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය ද තීරණය කොට තිබූ අතර එ අනුව ආසියානු කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය කණ්ඩායම කුසලානය නොමැතිව සිය ජයග්‍රහණය සමරනු ලැබීය.

කාලීන පුවත්