කොළඹ නගරය තුළ වාහන ගාල් කිරීම නොමිලේ !

කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ වාහන නතර කර තැබීම වෙනුවෙන් ගාස්තු අයකිරීම අද(18) සිට අත්හිටුවා ඇත.කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය ප්‍රමුඛ නාගරික මන්ත්‍රී කණ්ඩායම සහ මහනගර සභාවේ නිලධාරීන් එක්ව මෙම තීරණය ගත් බව නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් අද ජනතාවට දැනුම් දී තිබේ.නියෝජ්‍ය නගරාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ලෝක තත්වයන් හේතුවෙන් රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගෙන ජනතාවට පහසුවක් සැලසීමේ වෙනුවෙන් මෙම තීරණය ගත් බවකි.ඒ අනුව නැවත දැනුම්දෙන තුරු මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇත.

කාලීන පුවත්