ගල්කිස්ස අධිකරණ භූමිය තුළ වූ සිදුවීමට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරියා අද( 13) අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙන අතර ඔහු වෙනුවෙන් (13) නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයෙකු පෙනී සිටින බව පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පවසයි.එමෙන්ම එහිදී පොලිසිය නිසි ආකාරයෙන් ක්රියා කළේ දැයි සෙවීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දී ඇති බවද ඔහු සඳහන් කළේය.එමෙන්ම පොලිස්පති වරයා වැඩිදුරටත් පවසන්නේ මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බවය.