ජනපති පොලිස් කොමිසමට තර්ජනය කරලා

පසුගියදා කළුතර පැවැති උත්සවයකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොලිස් කොමිසමට තර්ජනය කර ඇතැයි සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ(08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. එහි දී මන්ත්‍රීවරයා පවසා සිටියේ පොලිස් කොමිසමේ ඇති බලතල පොලිස්පති වෙත ලබාදීමට අදිමදි කරන්නේ යැයි ජනාධිපති වරයා මෙලෙස චෝදනා එල්ල කර ඇති බවකි.නමුදු පොලිසියේ ස්වාධීනත්වය වෙනුවෙන් පිහිටුවා ඇති පොලිස් කොමිසම කිසි දිනක තම කොමිසමේ බලතල පොලිස්පතිවරයා වෙත පවරා නැති මුත් පසුගිය දිනවල පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසම නොදැන පොලිස් ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවට ද මන්ත්‍රී වරයා චෝදනා කළේය.

.

කාලීන පුවත්