යුද ජයග්‍රහණයේ දහසය වන රණ විරු සැමරුම් උත්සවයට ජනාධිපතිවරයා සහභාගී නොවීමට මුලින් තීරණය කර තිබුණේ පසුගිය මැතිවරණවලදී උතුරු පළාතෙන් ජනාධිපතිවරයා ප්රමුඛ මාලිමාවට විශාල ඡන්ද ප්‍රමාණයක් හිමිවීම නිසා යැයි තමන් සිතන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.ඔහු පවසනුයේ පසුව ජනාධිපති වරයා ඊට සම්බන්ධ වූ මුත් එය ද සුව පහසු එක් වීමක් නොවූ බව ය.නමුත් දෙරණ රූපවාහිනී මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න සමඟ සාකච්ඡාවකට එක් වූ විජිත හේරත් අමාත්‍ය වරයා පවසා සිටියේ එම උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් (විශ්‍රාමික) සෙනරත් කොහොන මහතා පැවසූ බවක් සමාජ ගත වූයේ ඔහු ගේ වාචික සන්නිවේදන ප්‍රශ්නයක් නිසා බව ය.එහෙත් එම රණ විරු සැමරුම් උත්සවය සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිල ඇරයුම් පතේ ද එම උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව සඳහන් වීම මත විජිත හේරත් අමාත්‍ය වරයා ගේ එම ප්‍රකාශය සත්‍යයක් නොවන බවට සමාජ මාධ්‍ය මඟින් මතයක් පැතිර යමින් තිබේ.