ජාජබ අගමැතිනියගේ ප්‍රකාශ බොරු යැයි ජවිපෙ පාර්ලිමේන්තුවේ දී කියනවා-හවුල්කාර පක්ෂ දෙකේ ගැටුම එළියට ඇවිත්

වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දෙක වන ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින ගැටුම මේ වන විට එළියට පැමිණ ඇති බවත් ජාතික ජනබලවේගය නියෝජනය කරන අගමැති තුමිය අසත්‍ය ප්‍රකාශ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ දීම ප්‍රකාශ කිරීමෙන් ඒ බව තහවුරු වන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා කියයි.එහි දී වැඩි දුරටත් අදහස් පළ කළ මන්ත්‍රී වරයා මෙසේ කීය. “ආණ්ඩුව තුළ තිබෙන බෙදිම් දැන් එළියට එන්න පටන් ගෙන තිබෙනවා. ඉදිරියේදී ආණ්ඩුව දෙදරීමට නියමිතයි. රටේ අගමැති වරයාගේ ප්‍රකාශයක් වගකිව යුතු ප්‍රකාශයක් බවට පිළිගැනීමේ සම්ප්‍රදායක් රට තුළ තිබෙනවා. නමුත් අගමැති වරිය සිදුකළේ අසත්‍ය ප්‍රකාශයක් බව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම නැවත පාර්ලිමෙන්තුවේදීම ප්‍රකාශ නිකුත් කරනවා.ජනතා විමුක්ති පෙරමුණට නමුත් ගේ ආණ්ඩුවේ අගමැතිවරිය පිළිබඳව විශ්වාසයක් නැති බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. අගමැති වරිය නොමග යැමට හැකියාව තිබෙන බවත් එතුමියට කිසිවක් කර ගැනිමට නොහැකි බව සමාජ ගත කරන්නයි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම උත්සහ කරන්නේ”.

කාලීන පුවත්