ජාත්‍යන්තර නර්තන තරගාවලියෙන් ජය ලැබූ නර්තන කණ්ඩායම දිවයිනට

තායිලන්තයේ පැවති 08 වන ජාත්‍යන්තර පර්ල් සම්ප්‍රදායික නර්තන තරගාවලිය – 2026 සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නර්තන කණ්ඩායම , එහි ප්‍රථම ස්ථානයට හිමි ජයග්‍රහණය රැගෙන දිවයිනට පැමිණ තිබේ.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 14 ක සම්ප්‍රදායික නර්තන කණ්ඩායම් වල සහභාගීත්වයෙන් තායිලන්තයේ පතායා නුවර පවත්වා තිබුණි.තරගාවලියේ ප්‍රථම ස්ථානයට අමතරව හොදම ඇදුම් නිර්මාණයට , නිර්මාණාත්මක නර්තනාංගයන් සඳහා මෙන්ම දක්ෂතම නර්තන ශිල්පීන් ලෙස සේහිත දසිදු සහ සෙතුම් නෙවිජාන් ද සම්මානයට පාත්‍ර වී තිබුණි.

ජයග්‍රහණය රැගත් ශ්‍රී ලංකා නර්තන කණ්ඩායම ඊයේ (3) රාත්‍රී 11.25 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරණ ගුවන් යානයෙනුයි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

කාලීන පුවත්