ට්‍රම්ප්ගේ “උමතු ගමන් මග” නිසා තුන් වන වන ලෝක යුද්ධ අවදානමක්

ට්‍රම්ප්ගේ “උමතු ගමන් මග” නිසා තුන් වන වන ලෝක යුද්ධ අවදානමක් –
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරනු ලබන ආන්ඩු වෙනස් කිරීමේ මෙහෙයුම් හේතුවෙන් ලෝකය තුන්වන ලෝක යුද්ධයක අවදානමට මුහුණ දී සිටින බව රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති දිමිත්‍රි ඇනටෝලිවිච් මෙඩ්විඩෙව් පවසයි. රුසියාවේ TASS පුවත් සේවය සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කොට තිබේ.
මෙහිදී අදහස් දැක්වූ හිටපු රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, තාක්ෂණික වශයෙන් ගත් කල තුන්වන ලෝක යුද්ධය තවමත් ආරම්භ වී නොමැති බවයි. එසේ වුවද, ට්‍රම්ප් පාලනයේ පවතින “උමතු ගමන් මග” හේතුවෙන් ඕනෑම මොහොතක එවැනි ගෝලීය ගැටුමක් ඇවිලී යාමේ දැඩි සම්භාවිතාවක් පවතින බව ඔහු අනතුරු ඇඟවීය.එමෙන්ම ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ මෙඩ්විඩෙව්, එය ට්‍රම්ප් අතින් සිදුවූ “බරපතල ඓතිහාසික වැරැද්දක්” ලෙස හැඳින්වීය.මෙම ප්‍රහාරය මගින් ඔහු ඇමෙරිකානු වැසියන්ගේ ජීවිත පවා අනතුරේ හෙළා ඇති බව ඔහු පැවසීය.මෙය හුදෙකලා සිදුවීමක් නොව, ලෝක ආධිපත්‍යය තහවුරු කරගැනීම සඳහා ඇමෙරිකාව සහ එහි මිත්‍ර පාර්ශවයන් දියත් කරන පුළුල් යුද්ධයක එක් පියවරක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.

කාලීන පුවත්