තුන් වන ලෝක යුද්ධයත් අත ළඟටම ඇවිත් ද?

මෑත කාලයේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වූ යුදමය ගැටුම ජාත්‍යන්තර ආරක්ෂාව දෙදරවා දැමීමට හේතු වී තිබේ. දේශ සීමා පසු කරමින් මිසයිල ඇදී යද්දී සහ න්‍යෂ්ටික තර්ජනයන් නැවත ඉස්මතු වෙද්දී, ගෝලීය බලවතුන් විවිධාකාරයෙන් ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන තිබේ. ඇමරිකා එක්සත් ජනපදය විවෘතවම ඊශ්‍රායලයට සහයෝගය පළ කරද්දී සහ එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි බටහිර බලවතුන් එයට අනුබල දෙද්දී, ලෝකය තුළ ගැටලු රැසක් මතු වන්නට පටන් ගෙන තිබේ. මේ හිතාමතාම ඉරානය පරාජය කිරීමේ සැලැස්මක් ද? භූදේශපාලන වේදිකාව මේ මොහොත උදා වනතුරු නො ඉවසිල්ලකින් පසු වීද? අනෙක් අතට මේ සියල්ලටම වඩා මේ අර්බුදය තුන්වැනි ලෝක යුද්ධයක් දක්වා ගමන් කරනු ඇතිද?

පසුගිය වසර කිහිපය මුළුල්ලේ ඊශ්‍රායලය සහ එහි මිත්‍ර පාර්ශ්වයන් ඉරානයේ කලාපීය සහයෝගීතා පාර්ශ්වයන් සහ සන්නද්ධ කණ්ඩායම් හිතාමතාම දුර්වල කිරීමේ පියවර රැසක් ක්‍රියාත්මක කළ බව දැන් පෙනෙන්නට පටන් ගෙන තිබේ. ඉරානයේ දැඩිව සහයෝගය ලබන ගාසා හි හමාස් සහ ලෙබනනයේ හිස්බුල්ලා යන සන්නද්ධ කණ්ඩායම්වලට ඊශ්‍රායලය විසින් දැඩිව පහර දෙනු ලැබිණි. 2024 වසරේ ගාසා හි සිදු කළ ඊශ්‍රායල මෙහෙයුම් හේතුවෙන් හමාස් සංවිධානය යුදමය සහ උපක්‍රමික වශයෙන් දුර්වල තත්ත්වයට පත් විය. මේ අතරතුර දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ කඳවුරු, උමං සහ අණ දෙන මධ්‍යස්ථාන රැසක් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර එයින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව සැලකිය යුතු මට්ටමකින් දුර්වල විය.

බොහෝ විශ්ලේෂකයින් පවසන්නේ මේ මෙහෙයුම්වල අරමුණු වූයේ එකී කණ්ඩායම් දුර්වල කිරීම පමණක් නොව ඉරානයේ සහයෝගීතා සන්නද්ධ කණ්ඩායම් දුර්වල කිරීමේ පුළුල් අරමුණක් ද පැවති බවය. මෙසේ කිරීමෙන් ඉරානය ප්‍රහාරයට ලක් වීමේ ඉඩකඩ ඉහළ යන අතර දැවැන්ත යුදමය අවස්ථාවක දී තනිව සටන් කිරීමට සිදු වෙයි. මේ වන විට එකී මොහොත උදා වී ඇති බව පෙනේ.

ඉරානය බටහිර රටවල මැදිහත්වීම්වලින් ආරක්ෂා වීම සඳහා සාම්ප්‍රදායික වශයෙන් රුසියාව සහ චීනය මත රඳා පැවතියේය. නමුත් අද වන විට මේ බලවතුන් දෙපළ වෙනස් යුද පෙරමුණුවල වෙනස් අරමුණු සහිතව සිටිනු පෙනෙන්නට තිබේ. රුසියාව දැවැන්ත යුදමය සහ ආර්ථික ගැටලු රැසක් මධ්‍යයේ සිර වෙමින් යුක්රේනය සමග යුද්ධයක පැටලී සිටියි. චීනය ජාත්‍යන්තර ආර්ථික ගැටලුවලට මෙන්ම තායිවානයේ හිමිකාරීත්වය පිළිබඳ අර්බුදකාරී තත්ත්වය ද පැටලී සිටියි. මේ නිසා මේ රටවල් දෙකම, මැදපෙරදිග ඇවිළෙන යුද්ධයකට සම්බන්ධ වන්නට ඇති ඉඩකඩ සිමිතය.

දශක ගණනාවක් තුළ ඉරානය මේ තරම් හුදෙකලා වූ අවස්ථාවක් දක්නට ලැබුණේ නැත. ඔවුන්ගේ උපාය මාර්ගික විකල්පයන් හීන වෙමින් පවතින අතර විශ්වසනීය බාහිර සහයෝගීතාවක් නොමැතිව සිය යුදමය ධාරිතාව උරගා බලන්නට මේ වන විට සිදුව තිබේ.

මෙය ගැඹුරු ප්‍රශ්නයක් අප හමුවේ තබන්නට හේතු වෙයි. මෙය එකවර ඇති වූ අර්බුදයක් ද, එසේත් නොමැති නම් ඊශ්‍රායලයේ සහ ඉරානයේ දීර්ඝ කාලීන සැලැස්මක ප්‍රතිඵලයක් ද? මේ තත්ත්වය නිරීක්ෂණය කරන්නන් පවසන්නේ එවැනි රටාවක් මේ අර්බුදය තුළින් දැක ගත හැකි බවය. පසුගිය පස් වසර තුළ ඊශ්‍රායලය සමග ඇමරිකා එක්සත් ජනපදය යුදමය මෙහෙයුම් වර්ධනය කළ අතර මැදපෙරදිග කලාපය තුළ සිය බලය ශක්තිමත් කර ගත්තේය. ඒ අතර ඉරානයේ ආර්ථිකය ගෙල මුලින්ම සිර කිරීමේ අදහසින් වෙළෙඳ සම්බාධක ද පනවනු ලැබිණි.

ඇතැමුන් විශ්වාස කරන්නේ දැනට පවතින යුදමය තත්ත්වය හුදෙක් ඉරානයේ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලට දැක් වූ ප්‍රති ප්‍රහාරයක් නොව අවසන් ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් සිදු කළ දීර්ඝ කාලීන සැලැස්මක් බවය. වොෂිංටනයට ඉරානය දුර්වල කිරීම යනු ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය එරෙහිව සිදු කළ අවිනිශ්චිත යුද කටයුතුවලින් හෙම්බත් වී දශක දෙකක් පමණ ඉක්ම ගිය තැන ලබන සුවිශේෂ ජයග්‍රහණයක් වන්නේය.

මේ අර්බුදකාරී තත්ත්වය මැද ඇමරිකා එක්සත් ජනපදය සටන් විරාමයකට සහ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් සඳහා කටයුතු කරන්නට පටන් ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡා කටාරය, තුර්කිය සහ ඊජිප්තුව සමග පවත්වමින් ඊශ්‍රායලය සහ ඉරානය අතරට මැදිහත් වීමක් සිදු කරන්නට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබුණ ද මේ වන විට සටන් විරාමය ද අසාර්ථක බවට පත්ව තිබේ. මේ නිසා විචාරකයින් පවසන්නේ එක්සත් ජනපදයේ මේ උත්සාහය අවංක නොවනන්නක් බවය. ප්‍රසිද්ධියේ සටන් විරාමයකට අනුබල දුන්න ද, ඇමරිකා එක්සත් ජනපදය යුදමය සහ බුද්ධිමය වශයෙන් ඊශ්‍රායලයට අඛණ්ඩවම සිය සහයෝගිතාව ලබා දෙමින් පවතී. ඇතැමුන් පවසන්නේ වොෂිංටනයේ රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ මේ උත්සාහය වන්නේ ඊශ්‍රායලයට සිය යුදමය අරමුණු ඉටු කරගන්නට ඉඩ සලසමින් තමා කෙරෙහි වූ ජාත්‍යන්තර හෙළා දැකීම් අවම කර ගැනීම බවය.

මේ අර්බුදය ගෝලීය වශයෙන් වූ යුද්ධයක් කරා ගමන් කරන්නට ඇති හැකියාව කිසිසේත්ම අවතක්සේරු කළ යුතු නැත. න්‍යෂ්ටික වශයෙන් සන්නද්ධ ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධ වීම, තෙල් සම්පත සහිත වැදගත් ස්ථානයක ඉරානය පිහිටීම සහ කලාපීය වශයෙන් වූ අස්ථාවර බව කුමන මොහොතක හෝ යුදමය ගිනි දළු ඇති වීමේ හැකියාව වර්ධනය කරවයි. ඉරානය ගල්ෆ් ප්‍රදේශයේ ඇති ඇමරිකා එක්සත් ජනපද කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම හෝ ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දීම හේතුවෙන් නේටෝ සංවිධානය, රුසියාව සහ බොහෝ චීනය වුව මෙයට වඩාත් ඉක්මනින් සම්බන්ධ වීමේ හැකියාව පවතී.

මේ අර්බුදය ගෝලීය වශයෙන් වූ යුද්ධයක් කරා ගමන් කරන්නට ඇති හැකියාව කිසිසේත්ම අවතක්සේරු කළ යුතු නැත. න්‍යෂ්ටික වශයෙන් සන්නද්ධ ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධ වීම, තෙල් සම්පත සහිත වැදගත් ස්ථානයක ඉරානය පිහිටීම සහ කලාපීය වශයෙන් වූ අස්ථාවර බව කුමන මොහොතක හෝ යුදමය ගිනි දළු ඇති වීමේ හැකියාව වර්ධනය කරවයි. ඉරානය ගල්ෆ් ප්‍රදේශයේ ඇති ඇමරිකා එක්සත් ජනපද කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම හෝ ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දීම හේතුවෙන් නේටෝ සංවිධානය, රුසියාව සහ බොහෝ චීනය වුව මෙයට වඩාත් ඉක්මනින් සම්බන්ධ වීමේ හැකියාව පවතී.

කෙසේ නමුත්, දැනට පවතින තත්ත්වයට අනුව, බොහෝ බලවතුන් මේ අර්බුදය නවතාලීමේ උත්සාහයක නිරතව සිටින බව පෙනෙන්නට තිබේ. නේටෝ සංවිධානය ඊශ්‍රායලයට සහයෝගය ලබා දීම දැඩිව සීමා කොට තිබේ. රුසියාව සහ චීනය ප්‍රචණ්ඩත්වය හෙළා දැක ඇති නමුත් ඉරානයට යුදමය සහයෝගය ලබා දීම නවතා දමා නැත. දැනට සිදුව ඇති විනාශය කෙතරම් විශාල වුව ද, මේ අර්බුදය තවමත් කලාපීය කාරණයක් ලෙස පවතී. නමුත්, සුළු හෝ වරදක් වීමේ හැකියාව ඉතාමත් උත්සන්න තත්ත්වයක පවතී.

දේශපාලන සහ යුද විචාරකයින් පවසන්නේ ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය නැවත ආපසු හැරෙන්නට නොහැකි තැනකට අවතීර්ණ වී තිබෙන බවය. න්‍යෂ්ටික බලයක් සහිත ඉරානය, ඊශ්‍රායලයට තර්ජනයකි. එක්සත් ජනපදය පැත්තෙන් ගතහොත් මේ අර්බුදයෙන් සාර්ථකත්වයට පත්වීම යනු ගෝලීය ආධිපත්‍යය පතුරාවාලීමේ හැකියාව තවදුරටත් තහවුරු වීමකි. මෙය ඇතැම් විචාරකයින් දකින ආකාරයකට දිගු කාලයක් තිස්සේ කරන ලද සැලසුම්, බුද්ධිමය තොරතුරු ඒකාබද්ධ කිරීම් සහ උපාය මාර්ගික ගොඩ නැගීම් ආදිය නිසා ඊශ්‍රායලය හෝ ඇමරිකා එක්සත් ජනපදය යන දෙපාර්ශ්වයම මේ අවස්ථාව පහසුවෙන් අතහරිනු ඇතැයි සිතිය නොහැකිය.

මෙය තුන්වැනි ලෝක යුද්ධයක් කරා ගමන් කරනු ඇති ද නැතිද යන්න තීරණය වන්නේ මිසයිල් හෝ බෝම්බ හෙලීම් මත නොව වොෂිංටනය, ටෙහෙරානය සහ ටෙල් අවිව්වල ගනු ලබන දේශපාලන තීරණයන් මතය. වත්මන් තත්ත්වය ප්‍රචණ්ඩත්වයේ අහඹු පුපුරා යාමක් නොව, මැදපෙරදිග බල ව්‍යුහය නැවත හැඩ ගැස්වීමට හිතාමතාම සිදු කළ ප්‍රයත්නයකි. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රසිද්ධියේ සටන් විරාමයකට කැමැත්ත පළ කරන නමුත්, ඔවුන්ගේ දීර්ඝ කාලීන සැලැස්ම වන්නේ ගෝලීය වශයෙන් කිසියම් හෝ බලපෑමක් කරන්නට ඉරානයට ඇති හැකියාව දුර්වල කිරීමේ අරමුණ මුදුන් පමුණුවා ගැනීමය.ලෝකය මේ දෙස සාවධානව බලා සිටියි. වෙඩි නූල ගිනි ගෙන තිබේ. ඒ ගින්න කෙතරම් දුරකට පැතිර යනු ඇතිදැයි තවමත් අනාවැකි පළ කළ නොහැකිය.

ඉරානය තනි වී තිබේ. එහි මිත්‍ර පාර්ශ්වයන් වෙනත් අර්බුදවල පැටලී සිටින අතර පාක්ෂික හමුදා කණ්ඩායම් දුර්වලතාවට පත්ව තිබේ.

මෙය තුන්වැනි ලෝක යුද්ධයක් කරා ගමන් කරනු ඇති ද නැතිද යන්න තීරණය වන්නේ මිසයිල් හෝ බෝම්බ හෙලීම් මත නොව වොෂිංටනය, ටෙහෙරානය සහ ටෙල් අවිව්වල ගනු ලබන දේශපාලන තීරණයන් මතය. වත්මන් තත්ත්වය ප්‍රචණ්ඩත්වයේ අහඹු පුපුරා යාමක් නොව, මැදපෙරදිග බල ව්‍යුහය නැවත හැඩ ගැස්වීමට හිතාමතාම සිදු කළ ප්‍රයත්නයකි. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රසිද්ධියේ සටන් විරාමයකට කැමැත්ත පළ කරන නමුත්, ඔවුන්ගේ දීර්ඝ කාලීන සැලැස්ම වන්නේ ගෝලීය වශයෙන් කිසියම් හෝ බලපෑමක් කරන්නට ඉරානයට ඇති හැකියාව දුර්වල කිරීමේ අරමුණ මුදුන් පමුණුවා ගැනීමය.

ලෝකය මේ දෙස සාවධානව බලා සිටියි. වෙඩි නූල ගිනි ගෙන තිබේ. ඒ ගින්න කෙතරම් දුරකට පැතිර යනු ඇතිදැයි තවමත් අනාවැකි පළ කළ නොහැකිය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර