දාර්ශනික කිතු දහම පතල කළ ඇලෝ­සි­යස් පීරිස් පිය­තුමා ස්වර්ගස්ථ වෙයි

දේව­ධ­ර්මා­චා­ර්ය ­ව­ර­යකු මෙන්ම බෞද්ධ දර්ශනය පිළි­බඳ විශා­රදයකු හා කිතු දහමේ දාර්ශනික පදනම ඔප් නංවන විද්වතකු ලෙස ද අන්තර් ජාතික කීර්ති­ය­ට­ පත්, ජේසු­නි­කා­යික ඇලෝ­සි­යස් පීරිස් පිය­තුමා ස්වර්ගස්ථ විය.උන්ව­හ­න්සේගේ දේහය අද( 24 ) උදේ 10:30දක්වා කැල­ණිය, පොල්හේන පාරේ අංක 715 හි පිහිටි දහම් සිසිල දෙව්ස­ත්හ­ලෙහි තැන්පත් කෙරෙනු ලැබේ. ඉන් පසුව උදේ 10:30 ට පව­ත්වනු ලබන අව­සන් දිව්‍ය පූජා­වෙන් අන­තු­රුව දේහය කැල­ණිය ගෝන­වල පිහිටි තුලන පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­න­යට රැගෙන එනු ලැබේ. අන­තු­රුව අව­සන් කට­යුතු අද පස්වරු 3:00ට කැල­ණිය, ගෝන­වල තුලන පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­න­යේදී සිදු කිරීමට නියමිත ය.

කාලීන පුවත්