සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්රශස්ත මට්ටමක පවතින අතර භෞතික හානි වෙනුවෙන් වන්දි අනුමත කර තිබෙන ආකාරය හොඳ බවත් එය ලොකු පිනක් වුවත් පසුගිය සමයේ සිදු වූ ජීවිත හානි අවම කළ ගැනීම සඳහා ඉදිරිපත් නොවීමේ පාපය ඒ පිනෙන් වසා ගත නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.එමෙන්ම වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටින කාලයේදී ආපදා කළමනාකරණය පිළිබඳ ඉතා විද්‍යාත්මක අදහස් පළකළ කණ්ඩයමක් ලෙස ආණ්ඩුව භාර ගැනීමේ පසු ඊට දුන් ප්‍රායෝගික වටිනාකම කුමක්ද යන ප්රශ්නය ද මේ මොහොතේ තමන් නගන බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.ඔහු මේ බව පැවසුවේ ඊයේ (08)පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී ය.