නව ග්‍රාමීය මාර්ග 40ක අද (01) සිට බස් ධාවනයට පියවර

ග්‍රාමීය මාර්ග 40 ක අද (01) සිට බස් ධාවනය ආරම්භ කරන බව ප්‍රවහන හා මහා මාර්ග අමාත්‍යංශය පවසයි.

එහි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ, ජනාධිපතිවරයාගේ අයවැය යෝජනාවකට අනුව එය ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඒ එම ග්‍රාමීය ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් ය.

සිසු සැරිය, ගැමි සැරිය සහ නිසි සැරිය වෙනුවෙන් වෙන් කල රුපියල් මිලියන 3300 ට අමතරව රුපියල් මිලියන 2000 ක් ඒ සඳහා වෙන් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනලදි.

කාලීන පුවත්