මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ දහනය වන බාල ගල්අඟුරු හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව අඳුරු වායු පටලයක් නිර්මාණය වෙමින් පවතින බවත් එමෙන්ම ඉදිරි කාලයේදී රට බරපතල බලශක්ති අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.විධිමත් නොවන සහ වංචනික ලෙස මෙරටට ගෙන්වන ලද ගල්අඟුරු රසායනික වශයෙන් මෙන්ම බලශක්ති උත්පාදනය අතින්ද බාල ත්ත්වයක පැවතීම හේතුවෙන් පරිසරයට අහිතකර කළු දුමාරයක් එක්වෙමින් පවතින බවයි. මේ වන විට කොළඹ නගරයට ඉහළින් දර්ශනය වන අඳුරු වායු පටලය මෙම ගල්අඟුරු බලාගාරයේ පවතින රසායනික අර්බුද වල ප්‍රතිඵලයක් විය හැකි බවට ඔහු සැක පළ කරයි.