බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය වෙත ඔහු ස්ථාන මාරු කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.පසුගිය කාලයේදී ඔහුගේ මූලිකත්වයෙන් පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබූ අතර පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඔහුට මරණ තර්ජන ද එල්ල වී තිබිණ.