පාර්ලිමේන්තු කැන්ටිමේ දී මට මරණ තර්ජන එල්ල වුණා

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු විසින් අද (21) තමන්ට පාර්ලිමේන්තු ආපන ශාලාවේදී මරණ තර්ජන එල්ල කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පැවසීය.ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා විසින් තමාට මෙලෙස මරණ තර්ජන එල්ලකළ බව අර්ච්චුනා මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති ගැටලුවක් සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්නයක් යොමු කළ බවත් ඒ සම්බන්ධයෙන් මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා උරණ වී මෙලෙස මරණ තර්ජන එල්ලකළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා චෝදනා කරයි.පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ, තමාට මරණ තර්ජනය එල්ල කළ ස්ථානයේ සීසීටීවී කැමරා තිබූ බවත් ඒවා උපයෝගි කර ගනිමින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසය.

කාලීන පුවත්