පුරා විද්‍යා නාමපුවරු ගැලවූ අයෙක් අත් අඩංගුවට;ප්‍රා සහා සහාපති පලා ගිහින්

මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.. එමෙන්ම වාලච්චේන පොලීසිය සැකකරුවන් විසින් ගැලවූ නාමපුවරු ද වාලච්චේන පොලීසිය විසින් සොයාගෙන ඇති බව ද සඳහන් ය.නමුත් එම සිද්ධියට සම්බන්ධ වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන සිදුකරමින් පවතී.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවස්තු පවතින ස්ථානවල දිශානතිය සලකුනු කරමින් දිශා පුවරු සහ සංඥා පුවරු සවිකිරීම ආරම්භ කර ඇත්තේ ඉකුත් නොවැම්බර් 3 වනදායි.ඉන් පසුව ප්‍රාදේශීය සභා බලධාරීන් විසින් නීති විරෝධී ලෙස මෙම පුවරු ඉවත්කර ඇත්තේ පසුගිය දා 22වනදායි.එම අවස්ථාවේදී පුවරු ගලවා ඉවත් කරනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ.

කාලීන පුවත්